June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8ක් ගියත් වාර්තා සභාගත කර නෑ

1 min read

මහ භාණ්ඩාගරයෙන් අතුරුදන්වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධව මේ වන විට මාස 8කට වැඩි කාලයක් ගතවි ඇතත් ඒ පිළිබඳව කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී හෝ අදාළ වාර්තා සභාගත කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවය.

ශ්‍රී ලංකාව මේ වන විටත් පසුවන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ අතිශය තීරණාත්මක සමයක බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇති එම සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත මෙතෙක් කල් මහ බැංකු විසින් සිදුකළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන රාජ්‍ය ණය කළමනාකරණය කාර්යාලය වෙත පැවරීම සිදුව ඇති බවය.

ණය කළමනාකරණය යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ විදේශීය ණය නිසි කලට නිවැරදි පාර්ශ්වයන් වෙත ආපදු ගෙවීම් සහ ඒවායේ වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය බවත් මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමන නොකිරීම හේතුවෙන් ආයතන දෙක අතර ඇතිවූ ගැටුම් මත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයින් විසින් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  ඊශ්‍රායල හමුදාව ඇතුළතින්ම කඩා වැටීමේ අවදානමක්! ආරක්ෂක ප්‍රධානීන්ගෙන් අනතුරු ඇඟවීමක්!

ඒ අනුව මෙය හුදෙක් තාක්ෂණික දෝශයක් නොව පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයක් බව පෙන්වා දී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x