June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ සුපිරි බිස්නස් රැසක ඇත්තේ ඉෂාරා සෙව්වන්දි දුන් සල්ලි ?

1 min read

පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි තවත් මාසයක කාල සීමාවක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබාගෙන ඇත.

පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙගේ මත්ද්‍රව්‍ය ජාලය උපයන නීත්‍යනුකූල නොවන මුදල් ගම්පහ ඔස්මන් නමැත්තා හරහා නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කිරීමේ ඒජන්තවරිය ලෙස කටයුතු කර ඇත්තේ ඉෂාරා සෙව්වන්දි බව විමර්ශනවලින් මේ වන විට හෙළි වී තිබේ.

ඉෂාරා සෙව්වන්දි විසින් සිදු කර ඇති බරපතල ගණයේ අපරාධ සහ පාතාල සම්බන්ධතා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කරන අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඇයගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ඇති බැවින් ඇයගේ රඳවා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

ඇය මාස අටක කාලයක් රැඳවුම් භාරයේ පසු වූ අතර තවත් මාසයක් මේ අනුව රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x