භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රටින් පිට කළ ඩොලර් මිලියන 715ක් ගැන හෙළිදරව්වක්
1 min read
2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 715 ක් රටින් පිට කර ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ අනාවරණ කළේ ය.
විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙලෙස මුදල් රටින් පිට කර ඇති අතර, මේ වන විට ඊට අදාළව පුළුල් විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.
