April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළට! කටාර් රාජ්‍යයෙන් ලොවම තැති ගැන්වෙන පුරෝකථනයක්!

1 min read

මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි.

ඔහු පෙන්වාදෙන්නේ යුද ගැටුම් කඩිනමින් අවසන් වුව ද ඉන් සිදුවන බලපෑම් යථා තත්ත්වයට පත්වීම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බවය.

ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය විසින් කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

කටාර්හි පිහිටි අමෙරිකාවේ විශාලතම හමුදා කඳවුර වන අල් උදෙයිද් ගුවන් හමුදා කඳවුර වෙත අද දිනයේ ද ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඒවා මැඩපැවැත්වීමට කටයුතු කළ බව ද කටාර් බලධාරීන් සඳහන් කර ඇත.

යුදමය තත්ත්වය උත්සන්න වීමට පෙර බොරතෙල් මිල පැවතියේ මීට වඩා අඩු අගයකයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පෙබරවාරී මාසයේ සටහන් වුයේ ඇමෙරිකා ඩොලර් 71ත් 73 ත් අතරයි.

ජනප්‍රිය පුවත්  මෙතෙක් ගෙනා ගල් අඟුරු නැව් 11ම බාලයි! මණ්ඩලයට පාඩුව රු. මිලියන 8500ක්!

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන්ව පැවතියේ ඩොලර් 67 ක අගයකයි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
6666betvip
6666betvip
1 month ago

6666betvip’s interface is super clean and easy to use. Makes finding your favorite games a breeze. Plus, their sign up bonuses are very generous. Definitely worth checking out: 6666betvip

1
0
Would love your thoughts, please comment.x
()
x