බෙදුම්වාදී ත්‍රස්ත නායකයකුට පාර්ලිමේන්තුවේ දී ගෞරව උත්තමාචාර පුද කිරීමට ඉඩ ලබාදීම බරපතළ වරදක්.. කථානායක බරපතළ වගකීමක් පැහැර හැරලා.. – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කථානායකට ලිපියක්
1 min read
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් තහනම් කළ සංවිධානයක බෙදුම්වාදී ත්‍රස්තවාදී නායකයකුට පාර්ලිමේන්තුවේ දී ගෞරව උත්තමාචාර පුද කිරීමට ඉඩ ලබාදීමේ වරද පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
වන්නි දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් විසින් 2026/05/21 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මියගිය බෙදුම්වාදී ත්‍රස්තවාදී නායකයකුට ගෞරව උත්තමාචාර පුද කිරීමට ඉඩ ලබාදීම ඉතාම නරක පූර්වාදර්ශයක් බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට, ස්ථාවර නියෝගවලට පමණක් නොව රටේ නීතියට සහ ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකට පාර්ලිමේන්තුව තුළ ඉඩ ලබාදීම මගින් කථානායකවරයා බරපතළ වගකීමක් නොසලකා හැර ඇති බවත් එම ලිපියේ දක්වා තිබේ.

