බිමල්ව ගේන්න වෙනම ගුවන් යානයක්!
1 min read
පසුගියදා ජර්මනියේ ජ.වි.පෙ. ක්‍රියාකාරීන් ඇමැතීමට එරට සංචාරයක නියැලුණු බිමල් රත්නායක අමාත්‍යවරයා එහි සිට පසුව ගමන් කළේ ස්විට්සර්ලන්තයේ හේග් නුවරට ය. ඒ LTTE යේ ජාත්‍යන්තර ප්‍රධානීන් රහසිගතව මුණගැසීමට ය. අනතුරුව ඉතාලියේ රෝම නුවරට පැමිණි අමාත්‍යවරයා අති උතුම් පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස වන ජනාධිපතිවරයාගේ ආරාධනාවක් බාරදීමට කටයුතු කර තිබුණි. එම රාජකාරී කටයුත්ත හුවා දක්වා එම සියලු සංචාරයන්ට අවශ්‍ය මුදල් රජයෙන් පියවා ගැනීමට අමාත්‍ය බිමල් කටයුතු කර තිබේ.
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමත් සමග මැද පෙරදිග ගුවන් ගමන් අත්හිටුවනු ලැබිණි. ඒ හේතුකොටගෙන බිමල් රත්නායක අමාත්‍යවරයා කලින් තීරණය කර තිබූ පරිදි ලංකාවට පැමිණිමට සිදු වූයේ නැත. මේ තත්වය තුළ වසර 5කට පසු ප්‍රථම වරට UL 1213 ශ්‍රී ලංකන් ගුවන් යානය අද (09) උදෑසන රෝමය බලා පිටත්ව ගොස් තිබේ. මෙය වසර 5ක් තිස්සේ එම ගුවන් ගමන අවලංගු කර තිබූවක් වූ බැවින් සාමාන්‍ය ගුවන් මගීන් මෙම ගුවන් ගමනට එක්ව සිට නැත. අප කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම ගුවන් යානය හදිසියේම රෝමය බලා පිටත්ව ගොස් ඇත්තේ රෝමයේ සිටි බිමල් රත්නායක අමාත්‍යවරයා රැගෙන ඒමට ය. රෝමයේ සිට කොළඹට පැමිණිමට ද ගුවන් මගීන් මෙම ගුවන් යානය තෝරා ගෙන නැතැයි දැනගැනීමට ඇත.
UL 1213 ගුවන් යානය කොළඹ සිට රෝමය බලා අද උදෑසන පිටව ගිය අතර, ශ්‍රී ලංකාව බලා රෝමයේ සිට පැමිණිමට නියමිතව ඇති ගුවන් යානය වනුයේ UL 1214 ය. එම UL 1214 ගුවන් යානය සාමාන්‍ය මගින් රැගෙන එන්නේ නැත. එමෙන්ම, මෙම රෝමය හා කටුනායක අතර සිදු කෙරෙන ගුවන් ගමන වාරයකට පමණක් සීමා වන පරිදි සිදු කරන්නකි. නැවත එවන් ගුවන් ගමනක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සැළසුම් කර නැත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය බරපතළ ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. මීට පෙර රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ තම රාජ්‍ය තාන්ත්‍රික සංචාර සදහා ගුවන් යානයක වෙනම ගමන් කිරීම (වෙනත් මගීන් නොමැතිව) ජ.වි.පෙ. දැඩි දෝශදර්ශනයට ලක්කර තිබේ.
මේ ගැන තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
ටියුඩර් ගජනායක
