June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බැති ගී කියන්න ගිය ගැහැනු ළමයි දෙදෙනෙක් අතුරුදන්

1 min read

වෙසක් පොහොදා පැවැති භක්ති ගීත වැඩසටහනකට සහභාගි වූ ගැහැනු ළමයි දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබාදෙන ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් ඉල්ලීමක් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

16 හැවිරිදි ගැහැනු ළමයින් දෙදෙනා අතුරුදන් වී දින තුනක් ගතවී ඇතත් , මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයිද පොලිසිය පවසයි.

වෙසක් පොහොය දින (මැයි 30) කොළඹ 7, බෞද්ධාලෝක මාවත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවැති භක්ති ගීත වැඩසටහන සඳහා සහභාගි වූ 16 හැවිරිදි දැරියන් දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව එම ගැහැනු ළමයි දෙදෙනා සිටි බේරුවල ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක පාලිකාවකගෙන් ඊයේ (02) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

අදාළ දැරියන් දෙදෙනා භක්ති ගීත වැඩසටහන අවසන් වනතෙක් එනම් රාත්‍රි අට පමණ වනතෙක් භක්ති ගීත වැඩසටහන පැවැති වේදිකාවේ රැඳී සිටි බවත්, ඉන් අනතුරුව එම ගැහැනු ළමයි දෙදෙනා අතුරුදන්වී තිබෙන බවටත් තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.

ජනප්‍රිය පුවත්  මාලිමාව දඹුල්ලේ අය වැය දෙවන වරටත් පරාදයි!

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පරිවාස දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ ගැහැනු ළමයි දෙදෙනා ඇතුළු කණ්ඩායමක් බේරුවල පිහිටි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිට කොළඹට රැගෙන විත් තිබෙන බවද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර බණ්ඩාරගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x