April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාාල ගල් අඟුරු නිසා අහිමි වන විදුලිය මෙ.වො. 180යි…. කැලණිතිස්ස ඩීසල් බලාගාරයේ මුළු ජනනය මෙ.වො. 150යි….!

1 min read

ආන්දෝලනයට ලක්වූ බාල ගල් අඟුරු ගෙන ආ සමාගම මාස තුනක් තිස්සේ ලංකාවට ගෙන ආවේ ගල් අඟුරු නැව් 13ක් පමණක් බවත් ඉතිරි මාසය තුළ නැව් 12ක් ගෙන ඒමට බලාපොරොත්තු වුවද එය කළ නොහැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.

මෙ නිසා රටට උවමනා ගල් අඟුරු ප්‍රමාණය ගෙන ඒමට නොහැකි වන බවත් දළ වශයෙන් නැව් 4ක් පමණ අඩුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි. එලෙස අඩු වන එක නැවක් සඳහා නොරොච්චෝලේ එක ඒකකයක් දවස් 25ක් වසා දැමිය යුතු හෙයින් මාස තුනක් පමණ එය වසාදැමීමට සිදුවන බවද ආචාර්ය රළපනාව ප්‍රකාශ කරයි.

මේ වන විට බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරය විදුලි ජනනය මෙ.වො. 180කින් පමණ පහත වැටී ඇති බවත් එය කෙතරම් විශාලද කිවහොත් ලංකාවේ විශාලතම ඩීසල් බලාගාරය වන කැලණිතිස්ස බලාගාරයේ නිපදවන්නේද මෙ.වො. 150ක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

මේ අනුව එම අඩුව පියවීමට පමණක් කැලණිතිස්ස ඩීසල් බලාගාරය අඛණ්ඩව විදුලිය නිපදවිය යුතු බවත් ගල් අඟුරු කෙතරම් බාලද කිවහොත් එහි අළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 800 සිට ටොන් 1500-1800 දක්වා ඉහළ ගොස් ඇති බවද ආචාර්ය විදුර රළපනාව සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ තත්ත්වය ගැන රජයේ ස්ථාවරය මෙන්න

ඔහු මේ බව සඳහන් කළේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x