April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

1994 – 2014 කාලේ ආණ්ඩුවල සියලු හොරකම් චෝදනාවල එකතුවටත් වඩා මේ ගල් අඟුරු හොරකම විශාලයි – විමල්

1 min read

වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇති ගල් අඟුරු වංචාවේ අතිදැවැන්ත අගයක් බවත් එය 1994 – 2014 කාලසීමාව තුළ පැවති ආණ්ඩුවලට එල්ල වූ සියලුම හොරකම් චෝදනාවල එකතුවටත් වඩා වැඩි අගයක් ගන්නා බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“ගල් අඟුරු කලින් ගෙනාපු රුසියානු සමාගම නතර කළානෙ. ඒක නතර කරලා, තීරණය ගත්තා ගේන නැව් ටිකෙන් පස්සේ ඒගොල්ලොත් එක්ක නෑ කියලා. ඊටපස්සෙ ඒ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක අනුව පුළුවන් ඒ ආයතනයේ ජීඑම්ලාට හරි කාටහරි අවදානමක් පේනවා නම් අප්‍රේල් වාරකන් කාලයට පෙර මේ නැව් ගේන්න බැරිවෙයි, ඒ නිසා අවදානමක් තියෙනවා කියලා හිතලා ඒගොල්ලො කිව්වා ඒ සමාගමට අතිරේකව තව පහක් ගේන්න කියලා. ඒ පහෙන් හතරක් ඇමතිවරයා නැවැත්තුවා. ඔහු රුසියාවෙ ගිහින් ආවා, ඊටපස්සෙ ඒ හතරත් නැවැත්තුවා. ඒ නැවැත්තුවේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. ඒක නවත්වන්න ඕනෙ නැහැ. ඒ තමයි තීරණවල තියෙන දුර්වලකම. එහෙම නැත්නම් ඕකට ගොන්කම කියන්නත් පුළුවන්.

මේක හැම අවුරුද්දකම අප්‍රේල්වල කරන්න ඕනෙ ටෙන්ඩරයක්නෙ, ඒත් මේක නොවැම්බර් වෙනකල් කල්දැම්මා. අර තමන්ට ඕනෙ කරන ගනුදෙනුව, වැඩේ යටින් යන එක තීරණය වෙනකල් මේක කල්ගියා නොවැම්බර් වෙනකල්. ඔක්තෝබර් වෙනකොට ප්‍රසම්පාදන වගකීම දරපු නිලධාරියෙක් ඉල්ලා අස්වුණා මේ මරාලෙට කරගහන්න බෑ කියලා. දැන් මේ ඉන්දියන් සමාගම සුදුසු නෑ කියන්න අපි දන්නවානෙ. ඒත් දුන්නා නෙ. සාමාන්‍යයෙන් නැවක් ආවාම අම්පයර් සාම්පල් කියලා තියෙනවා. අම්පයර් සාම්පල් එක තමයි. ප්‍රශ්නයක් ඇතිවුණොත් පරීක්ෂණයට භාජනය කරන සාම්පල් එක. මේ වෙනකල් මෙච්චර නැව් ප්‍රමාණයක් බාල ගල් අඟුරු ගෙනල්ලා, විදුලි නිෂ්පාදනයේදී මෙගාවොට් 150ක් විතර ඩීසල්වලින් හදන්න වෙලා තියෙද්දීත් මේ වෙනකල් අර අම්පයර් සාම්පල් එක බලන්නෙ නෑ. දවස් 90කින් පස්සේ ඒ අම්පයර් සාම්පල් එක වලංගු වෙන්නෙ නෑ. දැන් පළවෙනි නැවේ අම්පයර් සාම්පල් එක කල් ඉකුත්වෙලා ඉවරයි. ඒක නැතිව ඔය කියන දඩ ගහන්නත් බෑ. ඒකයි ප්‍රශ්නෙ.

ජනප්‍රිය පුවත්  රත්තොටත් මාලිමාව පරාදයි

අනිත් එක මේකෙදී මහජන උපයෝගීතා කොමිසමත් රිපෝට් දුන්නානෙ පාර්ලිමේන්තුවට, විදුලි බලය නියමිත ප්‍රමාණය ජනනය කරන්නෙ නෑ කියලා. එහෙම තියෙද්දීත් මේකම පාවිච්චි කළානෙ, තීරණ ගත්තෙ නැහැනෙ. ආණ්ඩුව පිළිගත්තෙත් නැහැනෙ, ජනාධිපතිවරයාම කිව්වානෙ හොරකමක් වෙලා කියලා මම පිළිගන්නෙ නැහැයි කියලා. නමුත් මේ විදුලි ජනනය අඩු වෙනකොට මේ නොරොච්චෝලෙ සිද්ධ වෙන දේ තමයි – සාමාන්‍යයෙන් මේක ස්ටාර්ට් කරනකොට ඩීසල් ටිකක් මිශ්‍ර කරනවා ජවයකින් ආරම්භය ගන්න. දිගටම ඩීසල් මිශ්‍ර කරන්නෙ නෑ – නමුත් දැන් මේගොල්ලො කරන්නෙ වැඩි විදුලි ජනනයක් කොහොමහරි ගන්න කියලා දිගටම ඩීසල් මිශ්‍ර කරනවා. ඒක ප්ලාන්ට් එකට හොඳ නෑ. ඊට අමතරව මේ දාන ගල් අඟුරුවල තියෙනවා නුසුදුසු ගල්. මේවා හදලා තියෙන්නෙ ගල් අඟුරු අඹරලා පොඩිකරගන්න නෙ. නමුත් අර නුසුදුසු ගල් ඒ විදියට කැපෙන්නෙ නැහැ. ඒක විසින් යන්ත්‍රයට හානියක් පමුණුවලා තියෙනවා. ඒ වගේම පරිසරයට වෙන හානියත් විශාල ලෙස තියෙනවා.

දැන් ක්‍රියාකාරී ධාරිතාවය වැඩිකරන්න කියලා මේගොල්ලො ස්පීඩ් එකත් වැඩිකරලා. මේකෙ තියෙනවා නියමිත ස්පීඩ් එකක්. ඒ සීමාව ඉක්මවලා වැඩි වේගයකින් දැන් මේක ක්‍රියාත්මක වෙනවා. ඒවායිනුත් හානිවෙනවා.

ජනප්‍රිය පුවත්  2025 මාස 11ට පාරිභෝගික භාණ්ඩ ආනයනයට ඩො.මි. 4908ක් වැයකරලා!

දැනට නැව් 13ක් 14ක් ඇවිල්ලා තියෙනවා. තව 13ක් එන්න තියෙනවා. අපි මේ ඉන්නෙ මාර්තු අග. අප්‍රේල් මැද වෙනකොට වාරකන් එනවා. ඔය 13ට එන්න වෙලාව මදි. මේකට මොකද කළේ ? ස්පොට් ටෙන්ඩර්. ස්පොට් ටෙන්ඩර් එකට දැම්මා “හදිසි තත්වයක් හේතුකොටගෙන” කියලා. දැන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරලා නෑ. දැන් මේ නිලධාරීන් අමාරුවෙ වැටෙනවා. මේක දැන් ගත්තෙ කවුද ? අන්තිමට කැරකිලා ආවෙ හේලීස්ලා. කවුද ඔය පණ්ඩිතරත්නද, ධම්මික පෙරේරාගෙ ගෝලයෙක්ද, මං දන්නෑ. එතකොට ගල් අඟුරු ස්පොට් ටෙන්ඩරේ ගියා – අතන ඉන්දියන් සමාගම 93යි මිල, ඒක දැන් ෆේල්, ඒ නිසා ස්පොට් ටෙන්ඩරයකට යන්න වෙනවා, එතන නැව් 5යි බලාපොරොත්තු වෙන්නෙ, 143යි මිල – 50ක් වැඩියි. ඕක එකතු කරලා බැලුවාම ඩොලර් ලක්ෂ එකසිය පනහක විතර පරතරයක් වැඩියි. ඒ පාඩුවත් එහෙන් එනවා.

මේ ගල් අඟුරු හොරකම. මේක 1994 ඉඳන් 2014 දක්වා මේ රටේ පැවති ආණ්ඩුවල හොරකම් පිළිබඳ චෝදනාවල අගය එකතු කළොත් ඒ අගයට වඩා වැඩියි මේ හොරකමේ අගය. ඔය කියන නැව් දැනට ඇවිල්ලා තියෙන ටිකෙන් විතරක් කෝටි 1000කට වඩා වැඩියි. ඉතුරු 13ත් ආවාම හිතාගන්න බෑ ගාණ. මේක තමයි අතිවිශාලම සෘජු අලාභය. තව ප්ලාන්ට් එකට වෙන හානිය ? ඒකෙ රෙපෙයාර් එකට අනාගතේ යන මුදල ? පරිසර හානිය ? මිනිස්සු හැදෙන ශ්වසන රෝග සහ වෙනත් ලෙඩ රෝග, ඒවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අතිකරන අතිරේක බර ? මේ ඔක්කොම තක්සේරු කළොත් මේක විශාල අපරාධයක්. මේ අපරාධය හින්දා අපට එන තෙල් නැව් දෙකෙන් එකක් විදුලිය හදන්න දෙන්න වෙනවා, ඒ හින්දා අපිට පෝලිම හැදෙනවා. තව මේකෙන් පිරිවැය වැඩිවෙනවා. ඒ පිරිවැය ඉදිරියේදී විදුලි බිල් වැඩිවීමක් හැටියට. දැන් ඉන්ධන මිල වැඩි කරන්නෙත් නොරොච්චෝලේ පාඩුවත් මේකෙන් අල්ලන්න”

ජනප්‍රිය පුවත්  "කොන්ද පණ නැති පෙන්දෙක් !"

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x