April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල් අඟුරු පාඩුව කෝටි 224යි! විගණන වාර්තාවකින් හෙළිවෙයි!

1 min read

ගල් අඟුරු නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි දෙසිය විසි හතරකට ආසන්න බව ජාතික විගණන කාර්යාලය ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන්වේ.

පළමු නැවෙන් (නැව් බඩු තොග අංකය 456) රුපියල් කෝටි 16 කට වැඩි පාඩුවක්ද

දෙවෙනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 457) රුපියල් කෝටි නවයකට වැඩි පාඩුවක්ද

තෙවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 458) රුපියල් කෝටි 31 කට වැඩි පාඩුවක්ද

සිව් වැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 459) රුපියල් කෝටි පහළොවකට වැඩි පාඩුවක්ද

පස් වැනි නැවෙන් නැව් බඩු තොග අංකය 460) කෝටි දහ අටකට ආසන්න පාඩුවක්ද

හයවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 461) කෝටි තිහකට ආසන්න පාඩුවක්ද

හත්වැනි නැවෙන්( නැව් බඩු තොග අංකය 462) රුපියල් කෝටි 24කට වැඩි පාඩුවක්ද

අටවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 463) රුපියල් කෝටි තිස් නවයකට වැඩි පාඩුවක්ද

දහවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 464) රුපියල් කෝටි 39කට වැඩි පාඩුවක්ද

ජනප්‍රිය පුවත්  මහව සමූපකාර නිලවරණයේ පොදු අපේක්ෂකයාට ප්‍රහාරයක්!

මෙසේ සිදුව ඇති බව වාර්තාව සඳහන් කරයි.

මෙම ගල් අඟුරු භාවිතයෙන් පූර්ණ ධාරිතාවය එනම් මෙගාවොට් 300ක ධාරිතාව ගැනීමට නොහැකි වීම මත විකල්ප මූලාශ්‍රයකින් අතිරේක බලශක්තිය උපයා ගැනීමට සිදුවුවහොත් එසේ අතිරේකව උපයා ගතයුතු ඇස්තමේන්තු ගත බලශක්ති ප්‍රමාණය කිලෝ වොට් පැය 76,354,087ක් බව එහි දැක්වේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x