July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බටහිර රටවල කිසිදු සහයකින් තොරව ගිනිකඳු තාපය විදුලිය බවට පත්කිරීමට ඉරානය සමත් වෙයි.

1 min read

ඉරානය සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් ”සබලාන්” (Sabalan) කලාපයේ ප්‍රථම භූ-තාප විදුලි බලාගාරයේ (Geothermal power plant) කටයුතු නිල වශයෙන් අවසන් කර ජාතික පද්ධතියට එක් කර ඇත.

මෙගාවොට් 5.4 ක ධාරිතාවයකින් යුත් මෙම සබලාන් භූ-තාප විදුලි බලාගාරය මෙගාවොට් 250 ක් දක්වා ව්‍යාප්ත කිරීමේ හැකියාවක් පවතී. ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් යුරෝපීය සමාගම් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීම නිසා එය අඩපණ වී තිබූ බව පැවසේ.

ඉරාන දේශීය ඉංජිනේරුවන් විසින් තෙල් කැනීම් තාක්ෂණය භාවිත කරමින්, පොළොව මතුපිට සිට කිලෝමීටර් 3 ක් පමණ ගැඹුරින් පිහිටි සෙල්සියස් අංශක 240°C – 250°C අතර උෂ්ණත්වයකින් යුත් දිය වූ ගිනිකඳු ද්‍රව්‍ය සහිත භූ-තාප ජලාශ වෙත ළඟාවීමට සාර්ථකව සමත් විය.

මෙම අධික පීඩනය සහිත රත් වූ ජලය මතුපිටට ගෙන එන අතර, එහිදී පීඩනය අඩුවීමත් සමඟ ජලය ශීඝ්‍රයෙන් වෙන් වී හුමාලය බවට පත්වේ. ඉන්පසු එම හුමාලය මගින් ටර්බයින ක්‍රියාත්මක කර විදුලිය උත්පාදනය කරනු ලබයි.

දැන්, පනවා ඇති සම්බාධක හේතුවෙන් යුරෝපීය සමාගම් අතහැර දැමූ කාර්යය ඉරාන ඉංජිනේරුවන් විසින් සාර්ථකව නිම කර ඇත. ඔවුන් බලාගාරය ගොඩනගා එය විදුලි බල පද්ධතියට සම්බන්ධ කළේය. සම්බාධක මගින් නවෝත්පාදනයන් නතර කළ නොහැකි බව ඔවුහු ලෝකයටම ඔප්පු කර පෙන්වූහ. මෙය හුදෙක් විදුලිය ගැන පමණක් නොව, බලශක්ති ස්වාධීනත්වය පිළිබඳ කතාවකි. මෙය තාක්ෂණික ස්වෛරීභාවය සහ ඉරානයට කිසිවෙකුගේ සහයක් නොමැතිව තමන්ගේම අනාගතය ගොඩනගා ගත හැකි බව පැවසීමකි.

ජනප්‍රිය පුවත්  යුද්ධය නිසා සංචාරකයන් පැමිණීම අඩුවෙයි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x