September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස් නිෂ්කාශන සහතික දත්ත පද්ධතිය බිඳ වැටේ | සහතික නිකුත් කිරීම නවතී

1 min read

පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන නිෂ්කාශන සහතිකපත් දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් මෙම නිෂ්කාශන සහතිකපත් නිකුත් කරනු ලබන අතර, අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් හරහා සිදුකරනු ලබයි.

කෙසේවෙතත්, එම දත්ත පද්ධතිය ඊයේ (20) දහවල් 12.50 සිට අක්‍රිය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පද්ධතිය යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කර ඇති අතර, මේ වනවිට ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද පොලීසිය පැවසීය.

ඒ අනුව දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් නොකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දත්ත පද්ධතිය යථාවත් කළ වහාම නිෂ්කාශන වාර්තා සඳහා අයදුම්පත් නැවත ඉදිරිපත් කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x