September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂය 22 ට එරෙහිව මහා විරෝධයක් සංවිධානය කරයි

1 min read

විනිසුරුවරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම උදෙසා රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අතිදැවැන්ත මහජන විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට විපක්ෂය සූදානම් වෙයි.

ඒ අනුව, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සිට කොළඹ දක්වා මෙම විරෝධතා පාගමන් කැඳවීමටත් කොළඹදී අතිදැවැන්ත මහජන රැළියක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අනුව 100,000 ක ජනකායක් කොළඹට රැගෙන ඒමට බලාපොරොත්තු වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ඉතාම නුදුරේදීම මෙම අති දැවැන්ත මහජන විරෝධතාව ක්‍රියාත්මක කිරීමට ද විපක්ෂය තීරණය කර ඇති බවත් වාර්තා විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x