July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූජිතට මරණ දඬුවම !

1 min read

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චෝදනාවට අදාළව අද තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එවකට පොලිස්පති පූජිත ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල විසින් මෙම තීරණය මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළහ.

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම ඔහුට එල්ල වූ චෝදනාව විය.

මීට පෙර 2022 වසරේ දී මෙම විත්තිකරුවන් මහාධිකරණයෙන් නිදහස් කර තිබුණද, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයකට අනුව එම නිදහස් කිරීම් අවලංගු කර, නැවත විත්තිවාචික කැඳවා නඩුව මුල සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී. මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩුව නැවත විභාග වූයේ ඒ අනුවය.

මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරන් විසින් පූජිත ජයසුන්දර අදාළ චෝදනාවන්ට වැරදිකරු ලෙස තීරණය කරන ලද අතර, විනිසුරු විරාජ් වීරසූරිය ප්‍රකාශ කළේ පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවය. ඒ අනුව මෙම තීන්දුව ලබා දී ඇත්තේ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ බහුතර එකඟතාවට (2:1) අනුව ය.

ජනප්‍රිය පුවත්  අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම කඩාකප්පල් කරන්න පසන් අමරසේන බරටම වැඩ!

මෙම සිද්ධියට අදාළව වෙන් වෙන් වශයෙන් නඩු පවරා තිබීම මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අදාළ නඩු තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණේ නැත. එය ඉදිරියේ දී වෙනම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

  • අධිකරණ වාර්තාකරු
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x