June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුපුරන්න ඔන්න මෙන්න තියන මූල්‍ය බෝම්බ තුනක්

1 min read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වර්තමානය වන විට ක්‍රියා කරන්නේ රටවල් සංවර්ධනය කිරීමේ මුල් අරමුණෙන් බැහැරව, ගෝලීය ණය හිමියන්ගේ ප්‍රතිලාභ උපරිම කරන “ප්‍රාග්ධන කළමනාකරුවෙකු” ලෙස බවත්, ලංකාව මෙම ඩොලර් පරාධීනත්වයෙන් මිදීමට වහාම විකල්ප ආර්ථික රාමුවක් වෙත යා යුතු බවත් ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්වතුන් පෙන්වා දෙති.

ඔවුන් මේ බව අවධාරණය කළේ ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “පාත් ඔෆ් ෆ්‍රීඩම්” (Path of Freedom) කෘතිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

“IMF ක්‍රියා කරන්නේ ණය හිමියන්ගේ ආරක්ෂකයා ලෙසයි” – මහාචාර්ය සුමනසිරි ලියනගේ

මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ මහාචාර්ය සුමනසිරි ලියනගේ සඳහන් කළේ, 1970 දශකයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ භූමිකාව දැඩි ලෙස වෙනස් වී ඇති බවයි.

“IMF පිහිටුවීමේදී තිබූ සැබෑ අරමුණු අද ඉටු වෙන්නේ නැහැ. අද ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ ණය ගැති රටවල් සංවර්ධනය කිරීම නොව, බහුජාතික ණය හිමියන්ගේ ප්‍රතිලාභ සහ ඔවුන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කර දීම පමණයි.”

ගයන්ත දෙහිවත්ත ගේ කෘතිය පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකානු ඩොලර් මත පදනම් වූ ණය උගුලක සිරවී සිටින බවයි. ඉන් මිදීම සඳහා “පාත් ඔෆ් ෆ්‍රීඩම්” කෘතියේ යෝජනා කර ඇති පරිදි, තිරසාර සංවර්ධනයක් සහ සමාජ සාධාරණත්වයක් සහිත විකල්ප ආර්ථික රාමුවක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය ගැන අන්තර්කාලීන පාලක මණ්ඩලයෙන් තීරණයක්…!

නව මහා බැංකු පනතෙන් රජයේ බලය අහෝසියි: ලංකාව ‘අධි-නව ලිබරල්වාදී’ අදියරකට!

උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ප රාජපක්ෂ පෙන්වා දුන්නේ, IMF අනුග්‍රහය ඇතිව සිදුකරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ‘අධි-නව ලිබරල්වාදී’ (Ultra-Neoliberal) භයානක අදියරකට තල්ලු වී ඇති බවයි.

විශේෂයෙන්ම 2023 නව මහ බැංකු පනත හරහා මහ බැංකුවේ භූමිකාව මුළුමනින්ම වෙනස් කර ඇතැයි ඔහු චෝදනා කළේය.

රාජ්‍ය බලපෑම සීමා කිරීම:
මිල ස්ථායීතාව, උද්ධමනය ඉලක්ක කිරීම සහ ආයතනික ස්වාධීනත්වය යන ලේබල් යටතේ, මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි රජයට තිබූ සෘජු මැදිහත්වීමේ බලය අහිමි කර ඇත.

වොෂින්ටන් එකඟතාව (Washington Consensus):
මහ බැංකුවේ වත්මන් ආර්ථික තර්කනය සකස් වී ඇත්තේ ජාතික සංවර්ධනය වෙනුවෙන් නොව, IMF සහ වොෂින්ටන් එකඟතාවලට අනුකූලව ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ සහ එක්තරා විශේෂිත ධනපති පන්තියක වරප්‍රසාද සුරැකීම වෙනුවෙන් පමණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x