පාස්කු ප්රහාරය වළක්වා නොගත් අය සිටියදී වෙනත් අය වැරදිකරුවන් කිරීමට උත්සාහ කරන්නේ කුමන තර්කයකට අනුවද? – ආචාර්ය චන්න ජයසුමන
1 min read
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය එල්ල වීමට සතියකටත් පෙර ඒ පිළිබඳව ඉතා පැහැදිලිව ලිඛිතව දැනුම් දී තිබියදීත්, එම ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් පසෙකලා වෙනත් පාර්ශවයන් වැරදිකරුවන් කිරීමට උත්සාහ දරන්නේ කුමන තර්කයකට අනුවදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය චන්න ජයසුමන මහතා ප්රශ්න කර සිටියි.
තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
“පාස්කු ප්රහාරය එල්ල වීමට සතියකටත් පෙර මෙතරම් පැහැදිලිව ලිඛිතව දන්වා යවා තිබියදීත්, ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් පැත්තක සිටියදී වෙනත් අය වැරදිකරැවන් කිරීමට උත්සාහ දරන්නේ කුමන තර්කයකට අනුවද?
ප්රහාරයට පෙර ප්රහාරකයන් අල්ලා ගත්තානම් “මහ මොළකරැවන්” (සිටිත්නම්) ඔවුන්ගෙන්ම දැනගැනීමට තිබුණා නොවේද?
සැබැවින්ම සෙවිය යුත්තේ මේ තොරතුරැ ලබාදුන් පසු සහරාන් ඇතුළු පිරිස අල්ලා ගැනීම වැළැක් වූ “මහ මොළකරුවන්” නොවේද?”

