රවී, ශානි, පොලිස්පති වැඩේ හොඳටම කරන නිසා චෝදනා එල්ලවෙනවා.. – නි. ඇමති වටගල
1 min read
වත්මන් පොලිපතිවරයා, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් සිය රාජකාරිය නිවැරදිවම සිදුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
එම නිසා විපක්ෂය පදනම් විරහිත චෝදනා සිදුකරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා සිටියේ;
“වත්මන් පොලිස්පතිවරයාට පදනම් විරහිතව චෝදනා කරනවා.. ඇයි? පොලිස්පතිකමේ වැඩේ හොඳට කරනවා. ඒක තමයි හතුරන්ට තියෙන විවේචනය.
ශානි අබේසේකරට චෝදනා එල්ල කරනවා. ඇයි? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩේ හොඳට කරනවා. රවී සෙනෙවිරත්නට චෝදනා එල්ල කරනවා. ඇයි? අමාත්‍යාංශයේ වැඩේ හොඳට කරනවා.
දිලීප පීරිස්ට පහර පිට පහර දෙනවා. ඇයි? ජනතාවගේ අභිලාෂයන්වලට නීතිපති දෙපාර්තමේන්තුව ගලපනවා.
එතකොට මේ පාලනයට වෛර කරන මිනිස්සු, විපක්ෂය අද පදනම් විරහිත චෝදනා කරනවා. අපි ඒ කිසිවකට ඇහුම්කන් දෙන්නේ නෑ. ඒ කිසිවකට අපේ ගමන නතර කරන්නත් බැහැ”
