June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු මඟට !

1 min read

තේරීම් කමිටුවෙන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගන්නා ලද තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ දෙවසරක කාලයක් සඳහා තමන් ගිවිසුම්ගතව සිටියදී අමාත්‍යවරයාට මෙලෙස ඉවත් කිරීමේ බලයක් නැතැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පෙන්වා දේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා හා ජනාධිපති අනුර කුමාර අතර මිත්‍ර සබඳතාව ඇති කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසිණි. සුනිල් හඳුන්නෙත්තිගේ මැතිවරණ ව්‍යාපාරයට මෙන්ම අනුර කුමාරගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශාල වශයෙන් මුදල් පිරිනමා තිබේ. ශම්මි සිල්වා හිතවත් කර ඒ හරහා ද මුදල් ලබාදීමට කපුකම කර ඇත්තේ ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහය.

ආණ්ඩුව දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයක පවතින බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණයට එරෙහිව ක්‍රියා කළ යුතුය යන තීරණයට ප්‍රමෝද්‍ය පැමිණ තිබේ. ඒ පිළිබඳව ඔහු ක්‍රීඩා ඇමතිවරයාට යවන ලද ලිපිය ද මේ සමග ඵලකර ඇත.

  • නාමුණි පෙරේරා –

ප්‍රමෝද්‍ය නොමැතිව පත් කළ තේරීම් කමිටුව ක්‍රීඩා ඇමතිට යවන ලද ලිපිය

ජනප්‍රිය පුවත්  විනිසුරු විශ්‍රාම වයස දික්කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය දෙකට බෙදේ ! සභාපති ජනපතිට කළ ප්‍රකාශය සංගමයේ නිල මතය නොවන බව කියයි !
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x