July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පරිසර බලපත්‍රය යාවත්කාලීන නොකළ කර්මාන්තශාලා 41ක් 2025දී වසා දමලා

1 min read

පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන නොකර කටයුතු පවත්වාගෙන ගිය කර්මාන්තශාලා 41ක්, 2025 වසර තුළදී ස්ථිරවම වසා දැමීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෑතකදී ගින්නෙන් විනාශයට පත්වූ කටුවාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා මේ බවද අනාවරණය කළේය.

අදාළ කර්මාන්තශාලාව 2024 වසරෙන් පසුව පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව ඔහු මෙහිදී පැවසීය.

“අදාළ පාරිසරික නිර්නායක විධිමත් ලෙස සම්පූර්ණ කර, පරිසර ආරක්ෂණ වාර්තාව ලබාගන්නා ලෙස අප අවස්ථා කිහිපයකදීම එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරියට ලිඛිතව හා වාචිකව දැනුම් දී තිබුණා. නමුත් ඔවුන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නැහැ” යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ, පාරිසරික නීති රීති උල්ලංඝණය කළ තවත් කර්මාන්තශාලා 19ක්, 2025 වසරේ දී තාවකාලිකව වසා දැමීමට පියවරගෙන ඇති බවය.

එමෙන්ම කර්මාන්තශාලා 5කට නීතිමය විධානයන් නිකුත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

පරිසර ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරන ආයතන සම්බන්ධයෙන් ක්ෂණික තීරණ නොගන්නා බවත්, ඒ සඳහා නිසි නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජනප්‍රිය පුවත්  මිනුවන්ගොඩ නගර සභා සභාපති ඉල්ලා අස්වෙයි

කර්මාන්තශාලාවක් වසාදැමීමට පෙර පවත්නා අනනුකූලතාවයන් සහ අඩුපාඩු සකස් කරගැනීම සඳහා කර්මාන්තශාලා වෙත පළමුව අවස්ථාවක් ලබාදීම සිදුකෙරේ.

ඉන් අනතුරුව ලබා දුන් උපදෙස් පිළිපදින්නේ නොමැතිනම් ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු නිල නීති විධානයන් නිකුත් කිරීම සිදුකරනු ලබයි.

ඉන් ඔබ්බට යමින් තවදුරටත් බලපත්‍ර නොමැතිව කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ නම්, අදාළ ප්‍රදේශයේ බල ප්‍රදේශයට අයත් අධිකරණය හමුවේ නඩු පවරා ආයතන වසා දැමීමට කටයුතු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට බලය හිමිය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x