නීති කඩල හිරේ යන්න බැරි නිසා ඉල්ලා අස්වුණා !
1 min read
ඖෂධ සංස්ථා සභාපතිව සිටි මහාචාර්ය වීරසිංහ මහතා ඉල්ලා අස්වුණේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස හා ඖෂධ සැපයුම් දෙපාර්තමේන්තුව එක්ව ඖෂධ සමාගම් වෙතින් ලබාගන්නා ඖෂධ සඳහා විනිමය අනුපාතිකය වෙනස්වීමට අනුරූපීව ඖෂධ මිල ඉහල දමන ලෙසට සිදු කරන ලද බලපෑම්වලට ප්‍රතිචාර වශයෙන් බව අණාවරණය වේ.
එසේ කිරීම ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දී ඇති සභාපතිවරයා එම ඉල්ලීම ඉටු කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත්, අදාළ බලධාරින්ගේ එල්ල වූ පීඩනය හමුවේ ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ප්‍රසම්පාදන නීති කඩ කර ඖෂධ මිල ඉහල දමා, අනාගතයේ දී හිරේ යාමට තමන් සූදානම් නැති බව ඔහු සිය සමීපතමයන් හමුවේ ප්‍රකාශ කර ඇත.
- ගිම්හානි සමන්ලතා –
