නිල සංචිත අඩුවේ!
1 min read
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත මේ වන විට 3.5%කින් පහත වැටී ඇත.
2026 පෙබරවාරි වන විට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,270ක් ලෙස මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළේ ය. නමුත්, එය 2026 මාර්තු වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5%කින් අඩු වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව, චීන මහජන බැංකුව සමඟ වූ මුදල් හුවමාරු පහසුකම ද (වියදම් කළ නොහැකි) මෙයට ඇතුළත් වේ.
පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමන් සතු සංචිතයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් මූල්‍ය වෙළෙඳපොළ වෙත විකුණා තිබුණි. ඇමෙරිකානු ඩොලර් වෙළෙඳපොළ තුළ හිඟ වීම මේ සඳහා බලපා තිබුණි. විදේශ විනිමය ගලා එන ප්රවණතාවට වඩා විදේශ විනිමය වැය වීමේ ප්‍රවණතාව මේ වන විට වැඩි වී තිබේ.
රාධිකා ප්‍රනාන්දු
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
