August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

1 min read

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර අගයක් ගනී.

කෙසේ වුවද කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකියි.

මීට අමතරව ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි වීමේ හැකියාවක් පවතී.

මුහුදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

ජනප්‍රිය පුවත්  ඊළඟ ප්‍රහාරය ලංකාවෙ ද ? ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති !

මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැඩිව උපදෙස් දෙනු ලැබේ.

එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.

තවද මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් 3.0ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x