July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දවස් 7​ට ඩෙංගු රෝගීන් 8450ක්

1 min read

පැය විසිහතරක කාලයකදී අලුතින් හමුවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2000 සීමාවට ළඟාවීමෙන් පැහැදිලි වනුයේ මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව පෙරටත් වඩා සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවැසුවේය.

තවද මෙම වසර තුළ සිදුවූ ආශ්‍රිත ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා වැඩි වී ඇතැයි හෙතෙම කීවේය.

මේ අතර ගෙවී ගිය පැය විසිහතරක කාලයේදී අලුතින් ​ඩෙංගු රෝගීන් 1835 දෙනකු හමුවීමත් සමග ඩෙංගු රෝගය වැලඳුණ පිරිස 63835ක් දක්වා වැඩි වී ඇත.

ඉකුත් මාස හයක කාලයේදී මෙරටින් ඩෙංගු රෝගීන් හමු වී තිබුණේ 55,385ක් වුවත් ජූලි මාසයේ ගෙවී ගිය දින හතකදී ඩෙංගු රෝගීන් 8450ක්ම හමු වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට ඩෙංගු ප්‍රතිකාර කටයුතු කරන රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා යමින් තිබුණද රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට නැතැයිද හෙතෙම සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x