June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තිලකා කොටු කිරීමේ සූදානමක්!

1 min read

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා සියුම් මෙහෙයුමක් දියත් කර ඇතැයි අපගේ පොලිස් ආරංචි මාර්ග පවසයි.

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව බලවත් අප්‍රසාදයෙන් කටයුතු කරන ඇය නීතියේ රාමුවට පිටින් කිසිවක් සිදු කිරීමට අදාළ අමාත්‍යවරුන් දෙපළට ඉඩ ලබා නොදීම මීට බලපා ඇති හේතුව බව පැවසේ. එමෙන්ම, රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ ඉහත කී අමාත්‍යවරුන් දෙදෙනාගේ හා ජනාධිපති ලේකම්වරයාගේ  මෙන්ම, පොදුවේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව බලවත් විවේචනයක නිරතවීමද ඇය කෙරෙහි උරණ වීමට හේතු වී තිබෙන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දී සුහුරු පුවරු Smart boards මිලදී ගැනීම පිළිබඳ චෝදනාවක් පදනම් කරගෙන මේ වන විට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත්, එය මතු පිටින් බලන ලද කල්හී රනිල් වික්‍රමසිංහට එරෙහි පැමිණිල්ලක් ලෙස පෙනුන ද, සැබැවින්ම එහි නියම ඉලක්කය කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර බවත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ඔහුගේ සමීපතමයන් සමඟ පවසනු ලැබ තිබේ.

ජනප්‍රිය පුවත්  අගවිනිසුරුගේ වීඩියෝ පට 2 ක් ලීක් ! අගවිනිසුරුට එරෙහිව අධිකරණයම පෙළ ගැසේ !

මේ පිළිබඳව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරියට ද දැන ගැනීමට ලැබී ඇති බව ද අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.

තාරක කහටපිටිය  underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x