ඩොලරය තවත් ඉහළට
1 min read
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව, මහ බැංකුව විසින් අද (05) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.27ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (04) වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 339.50ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 340.50ක් ලෙස ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.
