July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු තත්ත්වය පාලනයෙන් තොරයි.. සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න – වෛද්‍ය චමල් සංජීව

1 min read

මේ වන විට ඩෙංගු රෝගී තත්ත්වය රට තුළ දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, බස්නාහිර පළාත ඇතුළු පළාත් රැසක හැට දහසකට ආසන්න පිරිසකට නිල වශයෙන් රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය ඉහළ අගයක පවතින අධි අවදානම් කලාපවල පිහිටි රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම වෘත්තීය පුහුණු ආයතන අවම වශයෙන් සති දෙකකට ආසන්න කාලයක් වසා දමා අදාළ පරිශ්‍රයන් පිරිසිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල දැඩි අවධානය යොමු විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වී රෝගීන් විශාල වශයෙන් වාර්තා වූ පසුව පාසල් හෝ විශ්වවිද්‍යාල වසා දැමීමෙන් පලක් නොවන බවත්, මේ වන විට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් පවා දැඩි ලෙස වෙහෙසට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම, ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැතිකමින් බොහෝ ඩෙංගු රෝගීන්ට රෝහල්වල ඇඳන් යට හෝ කොරිඩෝවල රැඳී සිටීමට සිදුව ඇති අතර එමඟින් ඔවුන්ගේ ජීවිත අවදානම තවදුරටත් ඉහළ යන බවද වෛද්‍යවරයා අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  මාලිමාවට බලය හිමි මීගමුවේ නගරාධිපති ඉල්ලා අස්වෙයි

“අශ්වයා පලා ගිය පසුව ස්ථාලය වැසීමෙන් පලක් නැහැ”

යන්න පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, පවතින බරපතළ තත්ත්වය කෙරෙහි කඩිනම් අවධානය යොමු කර අදාළ අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දැමීමට බලධාරීන් වහාම තීරණයක් ගත යුතු බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x