ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව ඇමරිකානු ජනතාව ‘No Kings’ විරෝධතාවල
1 min read
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ විරෝධතා ආරම්භ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර තිබෙනවා.
ඇමරිකාව පුරා ස්ථාන 3000ක විරෝධතා ආරම්භ වී ඇති බවත් තවත් ලක්ෂ ගණනක පිරිසක් මෙම විරෝධතාවන්ට එක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙය ‘No kings’ ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම විරෝධතාව ලෙසයි සැලකෙන්නේ.
ඇතැම් නගරවල වීදි දිගේ දැවැන්ත පෙළපාලි පැවැත්වෙන අතර, තවත් ස්ථානවල ගායනා, නර්ථන සහ දේශනවලට සවන් දීමට ජනකායක් රැස්වෙමින් සිටිනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඉහළ ජීවන වියදම සහ ඉරානය සමඟ ආරම්භ කර ඇති යුද්ධයට එරෙහිවයි මෙලෙස විරෝධතා වෙනුවෙන් ජනතාව පෙළ ගැසී ඇත්තේ
