ඥානක්කා අනුර වර්ෂන් එක එළියට.. ගුප්ත විද්‍යා සාමාජිකාවක් අරලිය ගහ මන්දිරයට කැඳවයි.
1 min read
ජ්‍යෝතිෂය සහ ගුප්ත විද්‍යා සම්බන්ධ සාමාජිකාවක් රජයේ මේ සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවක ආරාධනයක් මත අරලියගහ මැදුරට පැමිණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට එම සාමාජිකාව විසින් සමාජ මාධ්‍යයේ පළ කළ වීඩියෝවක් මගින් තොරතුරු අනාවරණය වේ.
ඇය මෙම වීඩියෝවේ දී පවසන්නේ තමන්ට සිදුකළ ආරාධනයකට අනුව අරලියගහ මැදුරට පැමිණි බවයි.
පසුගිය කාලයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඥානාක්කා නමැති ජ්‍යෝතිෂය සහ ගුප්ත විද්‍යාව සම්බන්ධ කාන්තාවක් සම්බන්ධයෙන් ද වර්තමාන ආණ්ඩුවේ සාමාජිකයන් විවිධ චෝදනා එල්ල කරමින් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කිරිමේ පසුබිමක වර්තමාන ආණ්ඩුව තුළ සිදුවන මෙවන් සිදුවීම් පිළිබඳව පාර්ශ්ව රැසක් ප්‍රශ්න කරමින් සිටී.
