ජුනි මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 2කින් පහළට
1 min read
පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙවසර ජුනි මාසයේදී මෙරට සමස්ත තේ අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 2කට අධික ප්‍රමාණයකින් පහත වැටී ඇති බව Forbes & Walker තේ වෙන්දේසි ආයතනය පවසයි.
එම ආයතනය නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව, 2025 වසරේ ජුනි මාසයේදී කිලෝ ග්‍රෑම් මිලියන 23.27ක් ලෙස සටහන් වූ තේ අපනයනය, මෙවර ජුනි මාසයේදී කිලෝ ග්‍රෑම් මිලියන 21.25ක් දක්වා පහත වැටී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ‘තොග තේ’ හැර අනෙකුත් සියලුම වර්ගයේ තේ අපනයනයන්හි කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබීමයි.
අපනයන දත්ත වර්ගීකරණයට අනුව, තොග තේ අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 8.57 සිට 8.88 දක්වා සුළු වර්ධනයක් පෙන්නුම් කළද, තේ පැකට් අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 11.83 සිට 9.66 දක්වා විශාල ලෙස පහත වැටී තිබේ. මීට අමතරව තේ බෑග් , ක්ෂණික තේ සහ Green Tea අපනයනය ද පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් වාර්තා කර ඇත.
මිල ගණන් සලකා බැලීමේදී, මෙවර ජුනි මාසයේදී තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 1,871ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ රුපියල් 1,714ක අගය හා සැසඳීමේදී රුපියල් 157.06ක වැඩිවීමකි. කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලර් අගය අනුව සලකා බැලීමේදී තේ කිලෝවක මිල ඩොලර් 0.12ක සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.
මෙරට තේ සඳහා වන ප්‍රධානතම වෙළඳපොළ ලෙස තුර්කිය තවදුරටත් පෙරමුණේ පසුවන අතර, ඔවුන් ජුනි මාසයේදී කිලෝ ග්‍රෑම් මිලියන 19.71ක තේ ප්‍රමාණයක් මෙරටින් ආනයනය කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 149ක දැවැන්ත වර්ධනයක් වීම විශේෂත්වයකි.
