September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජලය යැයි සිතා රසායනික ද්‍රව්‍යයක් පානය කළ තුන් හැවිරිදි දැරියක් මියයයි

1 min read

ගම්පොළ පුපුරැස්ස පොලිස් වසමේ ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට වවුනියාව ප්‍රදේශය සිට පැමිණි තුන් හැවිරිදි දැරියක් ජලය යැයි සිතා එම නිවසේ තිබූ එළකිරි කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඒ වෙනුවෙන් ගම්පොළ රෝහලේ පැවැත්වූ මරණ පරික්ෂණයේදී අද (24) හෙළි විය.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියා සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේස්කාරම් හයනිකා නැමැති දැරියයි.

ඇගේ මව පියා ඇතුළු කිහිපදෙනෙක් ඩෙල්ටාවත්ත ඥාති නිවසකට පැමිණ ඇති අතර විසිතුන රාත්‍රී අටට පමණ දැරියට ඇති වූ වතුර පිපාසයක් සමග එම නිවසේ ජනෙල් පඩියක් මත තිබූ බෝතලයක තිබූ දියරයක් පානය කර ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

වවුනියාවේ සිට පැමිණි පිරිස විසිතුන දින දහවල් දියනා සවස නිවසේ එළිමහනේ සිට විනෝද වෙමින් සිට ඇත ඒ අතර මෙම දැරිය නිවස තුළට ගොස් ජනේලය මත තිබූ මෙම දියරය පානය කර තිබේ.

මේ සම්බන්ධයෙන් දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ලලිත් වර්ණරත්න මහතා ඉදිරියේ පැවැත්වූ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් දැරියගේ පියාවන ජේ. විග්නේෂ්වරන් මෙසේ පැවසීය.

ජනප්‍රිය පුවත්  බඩී සිද්ධිය ගැන අධ්‍යාපන ලේකම් නාලකගේ පැමිණිල්ලට නාලකවම සැකකරුවෙක් ලෙස නම් කරන්නැයි උපදෙස්!

“අපට ඉන්නේ එකම ළමයයි. ඒ තමයි මේ දුව. අපි ඥාති ගෙදර ඇවිත් ඉනකොට තමයි මේ දේ වුණේ. දුව මේ දියරය බිව්ව ගමන් එයාගේ කටින් සෙම පිටවුණා මම එළියේ හිටියේ ගේ ඇතුලේ හිටපු අය ඒ බව මට කීවා. අපි ඉක්මනට එයාව පන්විලතැන්න රෝහලට අරන් ගියා. ඒත් ඩොක්ට කීවා. ඒ වෙනකොටත් ළමයා මිය ගිහින් කියලා.”

මෙහිදී එම නිවස අයිතිකරුවන සී. මුරුගයියා යන අය මෙසේ පැවසීය.

“මම ස්වයං රැකියාවක් ලෙස එල හරක් හදනවා ඒ සත්තුන්ගෙන් ගන්න කිරි විකුණලා තමයි ජීවත් වෙන්නේ. හවස ගන්න කිරි උදේ වෙනතුරු නරක් නොවී තියාගන්න මේ රසායනික බිංදු කිහිපයක් කිරි වලට යොදනවා. ඒ නිසා තමයි ඒවා නිවසට ගෙනත් තියලා තිබ්බේ.”

සිරුර ගම්පොළ සිට වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයට රැගෙන යාම සඳහා කටයුතු යොදා තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x