July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිගේ ප්‍රංශ සංචාරය අවලංගු කරයි !

1 min read

ජනාධිපති අනුර කුමාරගේ ප්‍රංශ සංචාරය සිදුකිරීමට නියමිතව තිබුණේ මේ මස 15 සහ 18 අතර ය. ඒ බව ප්‍රථමයෙන්ම වාර්තා කළේ “Lanka Underground News” වෙතිණි. ඒ, එම සංචාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කිරීමට පෙරය.

පසුව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය පළමුවත් මෙරට විදේශ අමාත්‍යාංශය දෙවනුවත් නිවේදනය කළේ ප්‍රංශ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දිරිගැන්වීම සඳහා මෙම සංචාරය සිදුවන බවය. එහෙත් අපි එම සංචාරයේ සැඟවුණු පැත්ත පෙර පුවත් මගින් අණාවරණය කළෙමු. (මේ සමග එම සංචාරයට අදාළව මීට පෙර අප ඵළ කරන ලද පුවත් සඳහා සම්බන්ධතාව ඔබට ලබා දී තිබේ)

මෙම සුවිශේෂි අණාවරණය හේතුකොටගෙන ප්‍රංශ සංචාරය අවලංගු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ එම සංචාරයේ දී ගෝලීය කොටි ප්‍රධානින් හමුවීම තවදුරටත් රහසක් නොවන බැවින් එම අවධානම මේ අවස්ථාවේ දී නොගත යුතුය යන ජනාධිපතිවරයාගේ සමීපතමයන්ගේ නිගමනයයි.

ප්‍රංශ අගමැති හමුවීම හා එරට ව්‍යාපාරික ආයතන හමුවීම මෙම සංචාරයට අදාළව සැලසුම්කර තිබුණද හදිසියේම එය අවලංගු කර ඇත. ඒ පිළිබඳව අප ඵල කළ පෙර පුවත් නැවත පරිශීලනය කිරීමෙන් මේ ගැන වැඩි වැටහීමක් ඔබට ලබාගත හැකිය.

  • වරුණ පෙරේරා –
ජනප්‍රිය පුවත්  ආර්ථිකය අනතුරේ ! රුපියල වතුරේ !
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x