July 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීනයේ Gravity-1 මෙහෙයුම සාර්ථකයි

1 min read

ශැංහයි වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට Gravity-1 වාහක රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට චීනය සමත්ව ඇත.

Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානය විසින් බෙයිජිං වේලාවෙන් ඊයේ (22) පෙරවරු 10:54ට මෙම වාණිජ රොකට්ටුව අභ්‍යවකාශගත කර තිබිණ.

එම රොකට්ටුව හරහා චන්ද්‍රිකා 9ක් නියමිත කක්ෂවල සාර්ථකව ස්ථානගත කළ බව චීන බලධාරීන් පවසයි.

මෙය Gravity-1 රොකට්ටුවේ පළමු විවෘත සාගර මෙහෙයුම වන අතර, Yangtze ගංගාවට ආසන්න නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ සිදුකළ චීනයේ පළමු වාණිජ සාගර අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ද ඉතිහාසගත විය.

ස්ථාවර සාගර කලාපවලට සීමා නොවන, චන්ද්‍රිකා නිකුත් කිරීමේ ජංගම ක්‍රමවේදය හේතුවෙන්, අවශ්‍ය ස්ථානය තෝරා ගැනීම වඩාත් නම්‍යශීලී වන අතර, චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට එය හේතු වී තිබේ.

එමෙන්ම චීන අභ්‍යවකාශ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් විවිධාංගීකරණය කිරීමට එය උපකාරී වන බව චීන නිලධාරීන් පවසයි.

මෙම මෙහෙයුම මඟින්, Gravity-1 රොකට්ටුවේ ප්‍රධාන කොටසට පිටතින් සවි කරන සැකැස්ම, සංකීර්ණ මුහුදු තත්ත්වයන්ට අනුගත වීමේ හැකියාව සහ දිගු කාලයක් සූදානම් තත්ත්වයේ පවතින හැකියාව තවදුරටත් සනාථ කළ බව ද ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කර තිබේ.

ජනප්‍රිය පුවත්  ජුනි මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 2කින් පහළට

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x