ගෝඨාභය අත් අඩංගුවට !
1 min read
ඉදිරි පැය 48 තුළ ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවටගෙන, ජනාධිපතිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශානි අබේසේකර සහ තවත් නිලධාරින් දෙදෙනකු සමග පැවති රහස්‍ය සාකච්ඡාවක දී මේ තීරණය ගෙන තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ “මහමොලකරුවා” ලෙස හඳුන්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතව ඇත. මේ සඳහා අවශ්‍ය කරන ව්‍යාජ සාක්ෂි ද මේ වන විට සකස් කර ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ, සුරේෂ් සලේ ආදින් ජීවත්ව සිටින LTTE නායකයින්ගේ බලවත් වෛරයට පාත්‍ර වූවෝ වෙති. විපක්ෂයේ ඇතැම් පක්ෂ අවධාරණය කරන්නේ, ව්‍යාජ චෝදනා පටවා මෙම අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සිදු කරන්නේ එම LTTE හිතවාදින්ට ලබා දුන් පොරොන්දුවකට අනුව බවයි.
මේ තත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති නීතිඥ අලි සබ්රි හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා හමුවී මීට එරෙහිව නීතිමය වශයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කර ඇත.
අපගේ ආරංචි මාර්ග පවසන්නේ එළඹෙන ඕනෑම මොහොතක මෙම අත්අඩංගුවට ගැනීම රහස් පොලීසිය මගින් සිදු කරනු ඇති බවයි.
- දයාන් සමරවීර –
