August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගුණමකු “සේන”

1 min read

මේ ඉන්නේ හිටපු ජනාධිපති සිරිසේන ය. සිරිසේන ඉදිරියේ ඉන්නේ සූරසේන ය. මේ දෙන්නා තරම්, මෑත අතීතයේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨ ගුණමකුවන් දෙදෙනෙකු වෙනින් ඇත්තේ නැත. ගුණමකුබව අතින් මේ දෙන්නා කරට කර ය.

සිරිසේන පළමුව සිය ගුණමකුබව විදහා පෙන්වූයේ ඔහුව ශ්‍රී.ල.නි.ප. යේ දේශපාලනයට ගෙන ආ ලීලාරත්න විජේසිංහට ය. ලීලාරත්න විජේසිංහ 1970 සිට 1977 දක්වා පොළොන්නරුව ශ්‍රී.ල.නි.ප. යේ මන්ත්‍රීවරයා ය. එවකට ශ්‍රී.ල.නි.ප. තරුණ පෙරමුණේ ක්‍රියාකාරී නායකයකු වූ මෛත්‍රිපාල සිරිසේන, හැදී වැඩුණේ ලීලාරත්න විජේසිංහගේ දේශපාලන සෙවණේ ය.

1977 මහා මැතිවරණයේ දී මුළු රට පුරා ශ්‍රී.ල.නි.ප. ය ලැබුවේ බලවත් පරාජයක් ය. පොළොන්නරුව ආසන සංවිධායක ලීලාරත්න විජේසිංහ ද එම මහා පරාජයේ ගොදුරක් බවට පත්විය. ඔහුගේ පරාජයෙන් පසු, පොළොන්නරුව ආසන සංවිධායක ධූරය ලබා ගැනීමට කාටත් හොරා කුරුමානම ඇල්ලුවේ මේ ඉන්නා සිරිසේන ය. සිරිසේන ඒකට අපූරු උගුලක් ඇටවුයේ ය.

’77 පරාජයෙන් පසු නැවත ශ්‍රී.ල.නි.ප. ය ප්‍රතිසංවිධානය කරන්න සිරිමාවෝ මැතිනිය රට පුරා යන්නට විය. එක දවසක දී මැතිනි ආවේ පොළොන්නරුවට ය. මැතිනිගේ කාර් එක අදාල තැනට ආ විට පිළිගන්නට බුලත් අතකුත් රැගෙන පැමිණියේ සිරිසේන ය. මැතිනිය එකවරම අසා සිටියේ “කෝ ලීලාරත්න ?” කියාය. සාමාන්‍යයෙන් පක්ෂ නායිකාව තම ආසනයට එන විට ඇය පිළිගන්නට යන්නේ ආසනයේ සංවිධායකවරයා ය. මැතිනියගේ ප්‍රශ්නයට සිරිසේන දුන්නේ පට්ට උත්තරයක් ය.

ජනප්‍රිය පුවත්  ප්‍රොපට් ජෙරම්ගේ දිව්‍ය රාජ්‍යයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

“අනේ මන්දා මැඩම්… හොඳටම බීලා නිදි !”

මැතිනිට මේ බව ඇසුණු විට යකා නැග්ගාය. හොයලා බැලූ විට වැඩෙත් ඇත්තය. මැතිනි නොදත් දෙයනම්, ලීලාරත්නට “ප්ලෑන්” කර පෙවුවේ ද මේ සිරිසේන බවය. ලීලාරත්න කැපී සිරිසේන පොළොන්නරුවේ සංවිධායකයා වූයේ එහෙමය. ගුණමකුවාගේ පළමු දේශපාලන ගුණමකුකම වූයේ එයය.

ජනාධිපති මහින්ද යටතේ ශ්‍රී.ල.නි.ප. ලේකම් ලෙස ද සිටි සිරිසේන, ජනාධිපති වීමේ තණ්හාවට “ආප්ප” කා ගංගාරාමයේ දී හිස මත තැබූ කරඬුව එසේ තිබියදීම මහින්ද අතහැර නොයන බවට ශපථකොට කාටත් හොරා රනිල්ගේ “පොදු අපේක්ෂකයා” වූයේත් මේ ගුණමකු සිරිසේන ය. රනිල්ගේ පිහිටෙන් ජනාධිපති වී නැවත රනිල්ටම කෙලින්නට මහින්ද අගමැති කළෙත් මේ ගුණමකු සිරිසේන ය. අච්චාරු ආණ්ඩුවක් හදා ආරක්ෂක මණ්ඩලය රැස් නොකර, රටේ ආරක්ෂාවට වගකියන්න කෙනෙක් නැති තත්ත්වයට පත් කළෙත් මේ සිරිසේන ය. මේ සිරිසේනගේ ගුණමකුකම් ගැන‍ කියන්නට ගියහොත් මෙහි සිටින සූරසේන ගැන කියන්නට තිබෙන දේ කියන්න බැරිවෙන්නේ ය. ඒ නිසා දැන් අපි හැරෙන්නේ සිරිසේනගෙන්, සූරසේන වෙතය.

මේ ඡායාරූපය ගත්තේ 2016 ජනවාරි 20 ය. ඒ සිරිසේන සූරසේනව අභියාචනාධිකරණ විනිසුරුවරයකු බවට පත්කිරීමේ දී ය. ඉන් පසු සිරිසේන සූරසේනව අභියාචනාධිකරණයේ සභාපති බවට ද පත්කළේය. 2019 ජනවාරි 9 මේ සිරිසේන සූරසේනව පත් කලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් බවට ය.

ජනප්‍රිය පුවත්  සාදු කියන්න පින්වතුනී !

තමන්ව එක පිම්මේ උඩටම ගත් සිරිසේනට සූරසේන පන්න පන්නා ගැහුවේ අගවිනිසුරු වූ විටය. මුලින්ම කළේ සිරිසේනට, විශ්‍රාමික ජනාධිපති හැටියට හිමිව තිබූ නිල නිවසෙන් එලියට ඇද දැමීම ය. දෙවනුව කළේ පාස්කු වින්දිතයන්ට කෝටි ගණනක වන්දියක් ගෙවන ලෙස නියම කිරීම ය.

සිරිසේනටම ගැලපෙන සූරසේන “කෑ කණේ වැසීම” ට සිරිසේනට තරම්ම දක්ෂතා පෙන්වූයේය. තමන්ට කෑම දුන් කනටම (භාජනයටම) මලපහ කරන කපුටකුගේ ස්වභාවය වන් ගුණමකුකම ගැන කියා දෙන්නේ “කෑ කණේ වැසීම” කියාය.

මේ සූරසේන උපතින් බෞද්ධ ය. ඔහු ඉපදුනේ දකුණේ ය. තම තාත්තාව මරා දමන අන්දම තම නෙතින් දුටුවේ මේ සූරසේන ය. ඒ, 88 – 89 භීෂණ සමයේ ය. නාවික හමුදාවට බැඳී “මානසික අසමතුලිතතාවය” නිසා එයින් ඉවත් වූයේ මේ සූරසේන ය. වාසිය තකා බුදුදහම අතහැර “බෝර්න් අගේන්” වූයේද මේ සූරසේන ය. “එක්ස්පර්ස් පර්ල්” නැවේ නඩුවේ ඩොලර් බිලියනයක වන්දිය නොගෙවා සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණයට “වන්ද්‍යාකරණයට” ලක් කළේත් මේ සූරසේන ය. ජනාධිපති අනුර හිතන්නේ මේ සූරසේනට වසර දෙකක් වැඩි කර දුන් විට, තමාට ඕන විදියට හැමදේම වෙනු ඇතැයි කියාය.

ජනප්‍රිය පුවත්  තලපති හා තෙලපති

ජනාධිපති අනුරට “බෝර්න් අගේන්” ප්‍රමිෂ්කාවිය ද කියන්නේ එහෙමය.

එහෙත් උපතින්ම ගුණමකුවකු වූ සූරසේන, තම ධූර කාලය දෙවසරකින් දික් කර ගතහොත්, ඊළඟට බලන්නේ විශ්‍රාම ගියාම ඉන්නට වෙන විදිය ගැනය. ජනාධිපති අනුරගෙන් කරගන්නට තවත් ඇති දෙයක් සූරසේනට නැත. ඊළඟට ඔහු කරනු ඇත්තේ, අනුරගේ ආණ්ඩුව බිඳ වැටෙන බව දැන, ජනාධිපති සිරිසේනට ඉන්න ගෙදරිනුත් අයින් කලාක් වැනි පට්ට “ස්වාධීන” තීන්දු දීමය. දැන් ජනාධිපති අනුර ඉන්නේ සූරසේන අරඹයා 2019 ජනාධිපති සිරිසේන සිටිය ඉරණම අභියස ය.

සූරසේන අදූෂිත නැත. එහෙත්, සූරසේන අදූෂිතයැයි කියා තවදුර තියාගන්නේ, අනිත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සියල්ලෝම දූෂිත නිසාද ? එමඟින් ගම්‍ය වන්නේ එය මිස අන් කවරක් ද ?

ජනාධිපති අනුර, ජනාධිපති සිරිසේන කෑ කෑම තවම කා නැත. වසර 2 ක දිගුව දුන් පසු ජනාධිපති අනුර නිසැකවම කනු ඇත්තේ සූරසේනගෙන් සිරිසේන කෑ කෑමය. මේ ඡායාරූපය අපට කියන්නේ ඒ බව මිස අන් කවරක් ද ?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x