May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොමිෂමේ ලොක්කෝ අර්බුදයක !

1 min read

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සභාපති ඇතුළු එහි ඉහල මණ්ඩලයේ සිටින ඉද්දවෙල චේතිය ගුණසේකර යන හිටපු විනිශ්චකාරවරු හා කේ.බී. රාජපක්ෂ යන අය මේ වන විට එම කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය හමුවේ බලවත් ප්‍රශ්නසහගත ඉරණමකට ලක්ව සිටිතැයි වාර්තා වේ.

එම කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ අවිචාරවත් ක්‍රියා කලාපය හේතුකොටගෙන කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන යන නඩුවේ එක් චූදිතයකු ද එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවේ ප්‍රධාන චූදිතයකු වූ කපිල චන්ද්‍රසේන ද මේ වන විට සියදිවි නසාගෙන තිබේ. කපිල චන්ද්‍රසේන ජීවතුන් අතර සිටියදී දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට දන්වා සිටියේ රංග දිසානායක තමන්ට අභිමත පරිදි සාක්ෂි නොදුන්නහොත් කෙහෙලියගේ නඩුවේ සිට බෙල්ලෙ වැල දාගෙන මැරුණු කෙනාට අත් වූ ඉරණම ඔහුට ද අත්වනු ඇතැයි තර්ජනය කළ බවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ දී මේ අන්දමින් ක්‍රියා කිරීම සමස්ත කොමිෂමේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බරපතළ අපකීර්තියක් ඇති කරන බව කොමිෂමේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ගේ මතය වී ඇත.

ඒ අතරම අධ්‍යක්ෂ ජනරාල්වරයා තම හිතුවක්කාර තීරණ මත ක්‍රියා කරනු විනා එම කොමිෂමේ සභාපතිවරයාගේ හෝ වෙනත් ප්‍රධානින්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීම ද ඔවුන්ගේ අසතුටට හේතු වී තිබේ. ඉදිරියේ දී සිදු විය හැකි ආණ්ඩු පෙරළියකින් පසු තමන්ට ද විවිද දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි යන බිය ද මේ වන විට ඔවුන් තුළ ඇති වී තිබේ.

ජනප්‍රිය පුවත්  අල්ලස් ලොක්කාගේ බාප්පා මිනීමරුවෙක්!

මෙබදු ස්වාධීන කොමිෂමක අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස හැසිරීමෙන් සිදුවන අගතිය පිළිබඳව ජනාධිපතිවරයා හමුවී කරුණු දැක්විය යුතුයැයි එහි ඉහළම ප්‍රධානින් තිදෙනා අතර සාකච්ඡා වී තිබේ. චූදිතයන්ට සියදිවි නසා ගැනීමට බලකරන අන්දමින් පරීක්ෂණ පක්ෂග්‍රාහීව මෙහෙයවමින් ඇති විය හැකි මහජන කෝපයට තමන් ද ගොදුරු වනු ඇතැයි ද ඔවුන් අතර සාකච්ඡා වී ඇත. ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී මේ ගැන පැවසීමටත්, ඉන් ඵලක් නොවුනහොත් කොමිෂමේ තනතුරු අත් හැරීමටත් ඔවුන් අතර එකඟතාවයක් ඇති වී තිබේ.

  • තාරක පෙරේරා –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x