June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටි හිතවාදී බාලසිංහම් හා පොහොට්ටුවේ නියෝජිතයකු අතර සාකච්ඡාවක් !

1 min read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන සංවිධායක හා එහි ඉදිරිපෙළ නායකයකු ලෙස පිලිගැනෙන මිලින්ද රාජපක්ෂ පසුගියදා නොර්වේ ඔස්ලෝ නුවරදී, එරට සිටින ප්‍රබල LTTE අනුගාමිකයකුවන “යෝගරාජා බාලසිංහම්” මුණ ගැසී තිබේ.

යෝගරාජා බාලසිංහම් යනු, LTTE සංවිධානයේ කටයුතු වෙනුවෙන් මුදල් රැස් කිරීමෙන් හා එම සංවිධානය සමඟ එක්ව ක්‍රියාකිරීමෙන් ඔස්ලෝ නුවර දෙමළ ප්‍රජාව අතර ජනප්‍රියත්වයක් හිමිකරගත් අයෙකි. LTTE යේ න්‍යායාචාර්යවරයාව සිටි ඇන්ටන් බාලසිංහම් සමඟ ඉතා සමීපව කටයුතු කරන ලද යෝගරාජා බාලසිංහම් 2003 වසරේදී LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය මත ඔස්ලෝ නගර සභාවට තරඟ වැද ජයගත් අයෙකි. ඔහු විවෘතවම තමන් කොටි සංවිධානයට පක්ෂව කටයුතු කරන බව විවිද අවස්ථාවන් හි ප්‍රසිද්දියේ පිළිගෙන තිබේ.

එවන් අයකු මිලින්ද රාජපක්ෂ විසින් මුණගැසුනේ කුමකට ද? එහි දී සාකච්ඡා කළේ මොනවාද? යනාදී ප්‍රශ්න රැසක් මේ වන විට මතුව ඇත. මෙම හමුව සිදුවූයේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයාගේ දැනුවත්භාවය මත ද යන්න පැහැදිලි නැත.

  • ජීවක නුවන් කල්දේරා –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x