කුමාර ජයකොඩි ගැන තීරණයක් ගනු! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි!
1 min read
පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට සිටින නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවකි. එහිදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අර්ජුනා රාමනාදන් විසින් ගල් අඟුරු වංචාව පිළිබඳව ප්‍රශ්න නොකිරීම ගැන ප්‍රශ්න කරන ලද බව අප විසින් වාර්තා කරන ලදී. (එම පුවතට මේ සමග සම්බන්ධ විය හැක)
එම සාකච්ඡාවේදී කිසිදු ප්‍රතිචාර දැක්වීමක් නොකරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට සිටින නියෝජිතයන්, ඉන් අනතුරුව, රජය වෙනුවෙන් තමන් සමඟ සම්බන්ධීකරණය කරන, නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අමතා ප්‍රකාශ කර ඇත්තේ, කුමාර ජයකොඩි සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙසය. එසේ නොවන්නේනම් තමන් ද අසීරුතාවට පත්වන බව ය.
මේ පිළිබඳව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා විසින් වහාම ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයාගේ තීරණය තවමත් පැහැදිළි නැත.
සබැදි පුවත
නාරද පෙරේරා
