June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කස්සප හිමි ඇතුළු පිරිසට ඇප

1 min read

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබාදීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද (11) නියම කළේය.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් සඳුදා මෙම පිරිස ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය ඔවුන්ගේ ඇප ඇයැදුම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දින 02ක කාලයක් ඉල්ලා සිටියාය.

අනතුරුව රජයේ නීතිඥවරියගේ ඉල්ලීමට අවසර ලබාදෙමින් මහාධිකරණය ඇප අයැදුම් සම්බන්ධයෙන් මූලික විරෝධතා වෙතොත් ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඇප අයදුම් සලකා බැලීම අද (11) දිනය දක්වා කල් තැබීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x