එහෙන් කෙසෙල් කඳ දාලා මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා…! – නාමල් කරුණාරත්න…
1 min read
කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
“කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී, අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා. එමෙන්ම මෙහිදී ඉතිරිවන රොඩු කොටස් මගින් තවත් අතුරු නිෂ්පාදන රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා”
චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් දැනටමත් කැමැත්ත පළ කර ඇත.
මීට පෙර කෙසෙල් ගෙඩි පිරිසිදු කර පැකට් කර විදේශ රටවලට යැවීමේ ව්‍යාපෘතියක්ද ඇඹිලිපිටිය මොලකැටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති අතර, නව රෙදිපිළි කර්මාන්තශාලාව සඳහා දැනට භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පරිශ්‍රයක් යොදා ගැනීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාකරුවන්ට තම අස්වැන්නට අමතරව කෙසෙල් කඳ සඳහාද ඉහළ වෙළඳපොළ වටිනාකමක් හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
