August 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනමත විමසුමකින් තොරව සුරසේන “රී ලෝඩ්” බෑ ! ව්‍යවස්ථා විශාරදයෝ පවසති

1 min read

පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක අනුමැතියකින් පමණක්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත්, සූරසේන “රී ලෝඩය” සම්මත කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෝ අවධාරණය කරති. ඒ සඳහා ජනමතවිමසුමකට යාම නෛතික වශයෙන් අත්‍යවශ්‍ය බව එම විශාරදයන්ගේ මතය වී තිබේ.

විනිසුරු ඒ.එච්.එම්. උපාලි අබේරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ලද තීන්දුව එම ව්‍යවස්ථා විශාරදයන් මෙහිලා සැලකිල්ලට ලක් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් දෙන ලද එම තීන්දුවේ මෙසේ සඳහන් කර තිබේ.

“විශ්‍රාම යාමේ වයස හෝ ධූර කාලය සඳහා වන ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක්, වත්මන් විනිසුරුවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපාන අතර, එය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් වන අතර ජනමතවිචාරණයක් අවශ්‍ය වන 3 වැනි වගන්තිය උල්ලංඝණය කිරීමක් වනු ඇත.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (2) වගන්තිය උසස් අධිකරණ විනිසුරන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රකාශිත හෝ රහසිගත ක්‍රම මගින් අඩුකිරීම තහනම් කරයි. එවැනි වැටුප් හා විශ්‍රාම වැටුප් හිමිකම් සුදුසු විටෙක වැඩිකළ හැකි වුව ද, අනාගතයේ දී ප්‍රතිලාභ අවප්‍රමාණය වීමට හේතුවියහැකි එවැනි හිමිකම් සඳහා වන ඕනෑම අඩුකිරීමක් හෝ සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් මෙන්ම ජනමතවිචාරණයක දී ජනතාව විසින් අනුමත කරන නීතියකින් පමණක් කළ හැකිය. මක් නිසාද යත්, වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අඩුකිරීම 3 සහ 4 වගන්ති සමග කියවෙන ලද 108 වගන්තිය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝණය කරන බැවිනි.

ජනප්‍රිය පුවත්  විනිසුරුවරුන් මේ වන විට අභියෝග රැසකට මුහුණ දීලා.. - විනිසුරුවරුන්ට ඇති අභියෝග ගැන යසන්ත කෝදාගොඩගෙන් අනාවරණයක්..

උසස් අධිකරණ විනිසුරන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රකාශිත හෝ රහසිගත ක්‍රම මගින් අඩු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (2) වගන්තිය මගින් තහනම් කරයි. එවැනි වැටුප් හා විශ්‍රාම වැටුප් හිමිකම් සුදුසු විටෙක වැඩි කළ හැකි වුවද අනාගතයේ දී ප්‍රතිලාභ අවප්‍රමාණය වීමට හේතුවියහැකි එවැනි හිමිකම් සඳහා ඕනෑම අඩු කිරීමක් හෝ සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් මෙන්ම ජනමතවිචාරණයක දී ජනතාව විසින් අනුමත කරන ලද නීතියකින් පමණක් කළ හැකිය. මක් නිසාද යත් වැටුප් හා විශ්‍රාම වැටුප්‍ ප්‍රතිලාභ අඩු කිරීම 3 සහ 4 වගන්ති සමඟ කියවෙන ලද 108 වගන්තිය මෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝනය කරන බැවිනි.”

මෙම පූර්වගාමී නඩු තීන්දු අනුව එමගින් ගොඩනගා ඇති නෛතික සදාචාරමය පදනම නොසලකා මෙම “සූරසේන රී ලෝඩ්” ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තීරණ ගැනීමට වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොවේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරද ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පවසන්නේ නිසැකවශයෙන්ම අදාළ ව්‍යස්ථා සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අනිවාර්ය වනු ඇති බවයි.

එමෙන්ම, ඒ අතර තුර වාර්තාවන්නේ අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ මෙම “රී ලෝඩ්” මෙහෙයුමට පක්ෂපාතිත්වය දක්වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් මේ වන විට ඉන්නේ දෙතුන් දෙනෙකු පමණක් බවයි. මේ නිසා සූරසේන මේ වන විට බලවත් චකිතයකට ලක්ව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචිමාර්ග අවධාරණය කරයි.

  • දුලාර ගුණරත්න
ජනප්‍රිය පුවත්  අගවිනිසුරුට තව අවුරුදු 2ක්!

සම්පූර්ණ තීන්දුව කියවිමට

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x