June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එල්ල වූ මහජන පීඩනය හමුවේ සුරේෂ් සලේ ජාතික රෝහලට !

1 min read

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාව මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී තමන්ට වධහිංසා සිදුකෙරෙන බව සුරේෂ් සලේ සිය ඥාතීන්ට දැනුම් දී තිබුණු අතර ඔහු ඊට එරෙහිව මීට දින කිහිපයකට පෙර සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබිණි.

සිකුරාදා දිනයේ සිට ජලය හෝ පානය නොකරමින් උපවාසයෙහි නිරත වී සිටි ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම හේතුවෙන් මෙසේ අද (07) රාත්‍රියේ ඔහුව රෝහල්ගත කර ඇති බව සඳහන්.

මේ දින කිහිපයේදී දේශපාලන අධිකාරියෙන් සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේ සලේ මහතාව ප්‍රතිකාර සදහා යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින්ට සිදු වූ බවට වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x