July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘එල් නිනෝ’ නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

1 min read

පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාස තත්ත්වය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගෝලීය කාලගුණ අනාවැකිවලට අනුව මෙම ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක දේශගුණික විපර්යාස සහ කාලගුණික වෙනස්වීම් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ ‘එල් නිනෝ’ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතී.

කෙසේ වෙතත් අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) පෙන්වා දෙන්නේ, එය ඉතා ප්‍රබල මට්ටමකට පත් නොවීමේ තුනෙන් එකක (1/3) සම්භාවිතාවක්ද පවතින බවය.

මෙම තත්ත්වයත් සමග දැනට පවතින නිරිතදිග මෝසම් වැසි අඩුවීමක් සිදුවිය හැකි බව පෙන්වා දුන් මෙරිල් මෙන්ඩිස් මහතා, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව පැවසීය.

ජනප්‍රිය පුවත්  ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය නිසා රු. බිලියන 07ක පාඩුවක්

පවතින ජල ධාරිතාව සහ ඉදිරියේදී ලැබීමට නියමිත වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්, ජලය දැඩි ලෙස කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම, විදුලි බලශක්ති උත්පාදනය, පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම යන අංශ සඳහා ජලය අරපිරිමැස්මෙන් හා ක්‍රමවත්ව භාවිත කිරීමට කටයුතු කරන බව පැවසීය.

මේ අතර පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසා සිටියේ, මෙම දේශගුණික තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඉදිරි සති දෙක ඇතුළත විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා බවය.

‘එල් නිනෝ’ බලපෑමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x