April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුන්ගේ ගාස්තු ඉහළට

1 min read

උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුන්ගේ සේවාවන් සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද (08) සිට ඉහළ නැංවූ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, අකිල ජයරත්න මහතා පවසා සිටියේ, මැයි මාසයේ සිට නව ඇණවුම් සඳහා 15% – 20%ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යා හැකි බවය.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා වැට් බද්ද හේතුවෙන් මෙම තීරණය ගනු ලැබී බවත් දැනට ඇණවුම් කරන ලද සේවාවන් සඳහා 10%ක මිල වැඩි කිරීමක් සිදුකරන බවද එම සංගමය පවසයි.

භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් තම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, කර්මාන්තය රැක ගැනීම සඳහා මෙම තීරණය ගත් බවත් සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ වුවත් තම ගැටලුන්ට නිසි පිළිතුරක් හෝ සහනයක් රජයෙන් හිමිවන්නේ නම් මෙම ගාස්තු ඉහළ දැමීම නැවත අඩු කිරීමට තම සංගමය බලාපොරොත්තු වෙන බවද ඔවුන් පැවසීය.

ජනප්‍රිය පුවත්  හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අත්අඩංගුවට!

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x