June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉෂාරගේ ‘‘කල්ල මරේ“! ඉෂාරගේ පූට්ටුව – ගහයි නව ගැසට්ටුව

1 min read

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාල සීමාව සහ ගාස්තු අය කිරීම සඳහා අදාළ වන රීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් රජය නිකුත් කර තිබේ.

අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ලෙස ජනාධිපති අනුර කුමාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ සෑම බලපත්‍රලාභියකුම සුරා බදු ආඥා පනතේ 22 වැනි වගන්තිය ප්‍රකාරව නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවය.

ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ධ හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වන බලපත්‍රලාභියකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව එහි සඳහන්ව තිබේ. මෙය මීට පෙර ක්‍රියාත්මක නොවූ නව නීතියකි.

ඊට අමතරව, නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ධ හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇති විට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට පියවර ගනු ලබන බව නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්වා පැවතියේය. නව ගැසට් පත්‍රය මගින් එය මාස 3 දක්වා අඩු කර තිබේ .

ජනප්‍රිය පුවත්  ප්‍රසිද්ධ හිමිනමක් මාලිමා මන්ත්‍රීගේ දොරකඩ උපවාසයකට සැරසෙයි!

මෙම නව ගැසට් නිවේදනය පිළිබඳව අදහස් දක්වන සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ සුරාබදු ගෙවීම පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවය.

එහෙත්, මෙම නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, නව මත්පැන් නිෂ්පාදකයකු ලෙස කරළියට එන LOLC අධිපති ඉෂාර නානායක්කාරගේ ඉල්ලීමට අනුවය.

සුරාබදු ගෙවීමට අදාළ එතෙක් තිබූ කාල සීමාව තවදුරටත් අඩු කිරීම මගින් හා තවත් නව රීති පැනවීම මගින් දැනට මත්පැන් නිෂ්පාදනයේ සිටින සමාගම් බොහෝමයක් අසීරු තත්වයකට පත් වේ. එමගින් එම ආයතන වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට මුදල් අමාත්‍යවරයාට අවස්ථාව ලැබේ. එහෙත්, ඉෂාර නානායක්කාර හඳුන්වා දෙන ලබන මත්පැන් අළෙවියට අදාළව බොහෝ සහන ලබා දීමට වෙළදාමේ නිරත පුද්ගලයන්ට ඔහු සැළසුම් කර තිබේ. බැංකු ඇතුළු මූල්‍ය ආයතන තමන් සතුව පවතින බැවින්, අදාළ වෙළදාමේ නියුතු ආයතන වෙත මාස 6ක සහනශීලී ණය පහසුකම් ලබාදීම වැනි පියවර ඔහු විසින් ගැනීමට නියමිතව තිබේ.

එවන් තත්වයක් තුළ නව ගැසට් නිවේදනයේ සඳහන් කොන්දේසි අනුව කටයුතු කිරීමේ වැඩි හැකියාව හිමිවන්නේ ඉෂාර නානායක්කාරට ය. එතරම් ශක්තිමත් තත්වයක් නැති මත්පැන් නිෂ්පාදන සමාගම් අදාළ කොන්දේසි අනුව ක්‍රියා කිරීමට නොහැකිව අර්බුදකාරී තත්වයකට පත්වීම වැළකිය හැකි නොවේ. ඒ හරහා පත්පැන් වෙළදපොළ තුළ තම නිෂ්පාදන සඳහා ඒකාධිකාරියක් ඇති කර ගැනීම ඉෂාර නානායක්කාරගේ බලාපොරොත්තුව වී තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර සහ ප්‍රමුඛ ධනවතෙකු වන ඉෂාර නානායක්කාර අතර පවත්නා සමීප සම්බන්ධතාව හේතුකොට ගෙන දෙපාර්ශවයේ අනෝන්‍ය අවබෝධය මත මෙම ක්‍රියා ක්‍රියාමාර්ග ගනු ලබන බව Underground වෙත වාර්තා වී තිබේ.

ජනප්‍රිය පුවත්  අවුරුදු 12 න් පහල කණ්ඩායමක් world cup ගැහුවා වගේ! මේක අත්දැකීම් නැති ආණ්ඩුවක්!

සුජීව බස්නායක Underground වාර්තා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x