July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානය ප්‍රහාර නතර කිරීමට සූදානම් බවට ප්‍රකාශයක්

1 min read

අමෙරිකාව සිය ප්‍රහාර නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, ඉරානයේ ස්ථාවරය තවදුරටත් “ප්‍රහාරයට ප්‍රහාරයක්” යන්න බවයි.

ඒ අනුව, අමෙරිකානු ප්‍රහාර නතර කළහොත් ඉරානය ද සිය මෙහෙයුම් නතර කරන බවට වන පණිවුඩය දැනටමත් අමෙරිකාව වෙත දැනුම් දී ඇති බව එම නිලධාරියා පවසා තිබේ.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයන් ඉලක්ක අවසන් වෙමින් පවතින බවත්, අමෙරිකාවේ අවි සංචිත ක්ෂය වීම පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් වාර්තා වීමත් සමග, අමෙරිකාව සිය බෝම්බ ප්‍රහාර මෙහෙයුම තාවකාලිකව නතර කර ඇති බව සඳහන් වේ.

ඉරානයට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව රාත්‍රී 13ක් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, පසුගිය සිකුරාදා එම ප්‍රහාර මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා තිබේ. සෙනසුරාදා සහ ඉරිදා දිනවල අමෙරිකානු ප්‍රහාර කිසිවක් වාර්තා වී නොමැති අතර, ඉරානය ද දින දෙකක් පුරා ප්‍රහාර එල්ල කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනප්‍රිය පුවත්  ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් පවසා ඇත්තේ, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ට්‍රම්ප් අමෙරිකානු ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන ඉරාන තර්ජන වැළැක්වීම සඳහා පසුගිය සති දෙකක කාලය තුළ සිදුකළ බෝම්බ ප්‍රහාර හේතුවෙන් කලින් හඳුනාගත් ඉලක්ක බොහොමයක් අවසන් වී ඇති බවට ද අමෙරිකානු හමුදා නිලධාරීන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x