ඉරාන යුද්ධයට ඩො. බිලියන් 100 ක් පුච්චලා !
1 min read
ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ලකිරීමේදී ප්‍රේට්‍රියට් මිසයිල 50% ක් ද Thaad Interceptors වලින් 53% ක් ද Tomahawk මිසයිල වලින් මිලියන 850 ක් ද Precision Strike මිසයිල වලින් 45% ක් ද SM-3 මිසයිල වලින් 30% ක් ද භාවිතා කර තිබේ.
වාර්තා වන පරිදි මෙම අවි තිබූ ප්‍රමාණය නැවත ඇති කර ගැනීම සඳහා වසර 4 කට වඩා වැඩි කාලයක් ගත වේ. එමෙන්ම ඩො. බිලියන 80 – 100 අතර මුදලක් ඒ සඳහා වැය වෙතැයි ගණන් බලා තිබේ. මේ වන විට ද ඇමරිකානු යුධ හමුදාව ප්‍රතිස්ථාපන අවි සඳහා පමණක් ඩො. බිලියන 20 ක අතිරේක මුදල් ඉල්ලා ඇත.
මීට සාපේක්ෂව, ඇමරිකානු හා ඊශ්‍රායල් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය ක්‍රියා කළේ ඩොලර් 40,000 ක් පමණ වටිනා ඩ්‍රෝන යානා යොදා ගනිමින්ය.
