June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමති එක්ක ආරක්ෂක රථ යන්නේ ආරක්ෂාවට – නි.ඇමති සුනිල් වටගල

1 min read

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් ආරක්ෂක රථ කිහිපයක් සහ යතුරු පැදි භාවිත කරන්නේ බුද්ධි අංශ ලබා දෙන තොරතුරු පදනම් කරගෙන ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස බව මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.

“ඔබත් සූදානම් වෙන්න එපා, ඕගොල්ලොත් කිව්වා, මේගොල්ලොත් කිව්වා,දැන් මේ සමානයි කියන්න. නෑ. අපි වෙනස්. මම දන්නේ නෑ පොලිස් ඇමතිවරයා උත්සවයකට යද්දි එහෙම රථ වාහන පෙළක් ගියාද කියලා.

මම කියන්නේ යම් පොලිසියක් විවෘත කිරීමේ උත්සවයකට යන කොට බයිසිකලයක් දෙකක් වෙනත් වාහනයක් යන එක අපි කියලා දාගන්න එකක් නෙමෙයි. බුද්ධි අංශ විසින් දෙන තොරතුරු පදනම් කරගෙන ඒ ගොල්ලෝ කරගන්න දෙයක්.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි. ඒ, ජනතාවට නැති කිසිවක් අපට එපා යැයි විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළද මේ වන විට ජනාධිපති හෙලිකොප්ටර් භාවිත කරන බව සහ මහජන ආරක්ෂක ඇමතිවරයා රථවාහන පෙළක් රැගෙන ගමන් බිමන් යන ආකාරය දැකිය හැකි බවට මාධ්‍යවේදියා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  ජීවිතය රැක දෙන්න! සූරියකන්ද පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x