April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇඳ ජන සතු කිරීම

1 min read

ඇඳවල් ඇත්තේ නිදියන්නට ය. හාමුදුරුනමකට නම් සැතපෙන්නට ය. ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශවයට නම් හැමණෙන්නට ය. ඒ හැර ඇඳේ ඇති ප්‍රයෝජනයක් නැත.

බූරු ඇඳේ නිදාගත් එකාට මෙට්ට දැමූ ඇඳ පෙනෙන්නේ ලොකුවට ය. එය බූරු ඇඳේ වරදක් නොව එහි නිදාගත්ත එකාගේ වරද ය. සිතීමේ ප්‍රමාණය කුඩා එකාට චූ යන පාර වුව පෙනෙන්නේ මහා ගංගාවක් ලෙසය.

උවිඳ කුරුකුලසුරිය ලන්ඩනයට වී මුහුණු පොතේ තබන සටහන්වල ලංකාවේ ජනාධිපතිව අමතන්නේ අනුරතුමා කියා ය. අනුරතුමා දැන් රටේ ජනාධිපතිතුමා ය. ඔහු ඉන්නේ දැන් තඹුත්තේගම තනි සිග්නල් කනුව යට නොවේ ය. ඔහු දැන් නිදියන්නේ සුවපහසු සනීපවත් ඇඳක ය. ඔහු දැන් ශරීර අවශ්‍යතා ඉටු කර ගන්නට බැද්දට යන්නේ නැත. දැන් ඔහු එකී කාර්යයන් සිදු කරගන්නේ සුවපහසු වැසිකිලියක ය. එය එසේ විය යුතුය.

ජනාධිපතිවරයෙකුට තමන් ජනාධිපති ලෙස දැනිය යුතුය. එසේ නොදැනුන හොත් සිදුවන්නේ හද්ද අලකලංචියක් ය. අනුරතුමාට තමන් ජනාධිපති බව නොතේරෙනවා යැයි අපට සිතෙන්නේ ඔහු කරන කියන දේ අනුව ය. කරන කියන දේවල් අතර මෑතකදී කරපු ලොකුම වැඩේ ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයාට වෙන්කර තිබූ ඇඳ ජන සතු කිරීම ය.

ජනප්‍රිය පුවත්  මූසලයාගේ ශාපය.!

ජනසතුව තිබූ විදුලිය බල මණ්ඩලය කෑලි 6කට කඩා පුද්ගලීකරණය කිරීමට අවතීර්ණ වී සිටින අනුරතුමා තමන් ප්‍රතිපත්ති ගරුක බව පෙන්වන්නේ ජ‘පුරේ ඇඳක් ජන සතු කරය. ලංකාවේ කනිජ සම්පත් ඉන්දියානු සමාගම්වලට සූරා කෑමට ඉඩ දෙන ප්‍රතිපත්තියේ සිටින අනුරතුමා තමන් ප්‍රගතිශීලී යැයි පෙන්වන්නේ ඇඳක් ජන සතු කර ය. දිට්වා ආපදාවට ලක් වූ තමන්ගේ ජනතාව තවමත් ඇඳිවත හෝ හරියට නැතුව හූල්ලන විට අනුරතුමා තමන් හිත හොඳ ජනාධිපති බව පෙන්වන්නේ ඇඳක් ජන සතු කර ය. මෙරට ඖෂධ වෙළඳපොළ ඉන්දියානු බාල ඖෂධ වලට විවෘත කළ අනුරතුමා ඒවා බොන ලෙඩ්ඩුන්ට තමන් හිත හොඳ ජනාධිපති බව
පෙන්වන්නේ රෝහලක ඇති ඇඳක් ජන සතු කර ය.

කූඹියාට උගේ හුජ්ජ පොදත් මහා ගංගාවක් සේ දැනේ. අපේ අනුරතුමාට ද එසේය. බාල ගල් අඟුරු ගෙනවිත් මාටියා ගැසීම හේතුකොටගෙන විදුලිය පිරිවැය ඉහළ යන විට රෙදි හෝදන අන්දම හඳුන්නෙත්තිලා ලවා අපට උගන්වන අනුරතුමා පපුව හොඳ පොරක් බව පෙන්වන්නේ ඇඳක් ජන සතු කර ය.

මෙහිඇති හාස්‍ය නම්, අනුරතුමා ජන සතු කර තිබෙන්නේ තමන්ගේ
ඇඳක් නොවේ. ජයවර්ධනපුර රෝහල ජපනා ජේ.ආර්.ට දුන්නේ පරිත්‍යාගයක් ලෙස ය. ජපනා ජේ.ආර්. ට දැක්වූ ඉහළ මිත්‍රත්වය සංකේතවත් කරන්නට ප්‍රභූ ප්‍රතිකාර වාසභවන තිළිණ කළේ ය. එය ජපනා දුන් තෑග්ගකි. අනුරතුමා මේ කරන්නේ ජපනා ජේ.ආර්.ට දුන් තෑග්ග ජන සතු කිරීම ය. මේවා දකින තෑග්ග දුන් ජපනාට මොනවා හිතෙනවා ඇත්දැයි අපට නම් තේරෙන්නේ නැත.

ජනප්‍රිය පුවත්  කොමිෂම් සහ "ත්‍රි සම්"

කෙසේ වෙතත් අනුරුතුමාගේ මේ ඇඳ ජන සතු කිරීම අගය කළ යුතුය. දැන් කිසිදු රෝහලක කිසිදු රෝගියෙකු ඇඳක් යට සිටින්නට හේතුවක් නැත. අනුර තුමාගේ ඇද ජන සතු කිරීමෙන් ඒ ප්‍රශ්නය විසඳී අවසන් ය. එබැවින් අප මේ සඳහා විශේෂ උත්සවයක් පැවැත්විය යුතුය. එහි මෙසේ සඳහන් කළ හැකිය.

‘‘ඇඳ ජන සතු කිරීමේ මහෝත්සවය

සඳ බොඳ වී ඔළුවේ නහර ගැට ගැසෙන්නේ මේවා දකින විටය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x