ආර්ථිකය අනතුරේ ! නන්දලාල් ඕස්ට්‍රෙිලියාවේ !
1 min read
ශ්‍රී ලංකා රුපියල මෑත ඉතිහාසයේ වූ බරපතලම කඩාවැටීමට මේ වන විට ගොදුරුව තිබේ. අද වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 320.12 ක අගය දක්වා අවප්‍රමාණය වී ඇත. මෙම ප්‍රවණතාවය ඉදිරියේ දී තවත් වර්ධනය වනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ද මේ වන විට 2.7% ක අගයකින් අඩුවී ඇත. උද්ධමන අනුපාතයද 5% ඉක්මවා යන මට්ටම ලගා වී තිබේ. බලශක්ති පිරිවැය අතින් ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කලාපයේ අංක 01 රට බවට පත්ව ඇත. නුදුරේදීම විදුලිය ගාස්තු 18% කින් නැවතත් ඉහල දැමීමට නියමිතව තිබේ.
මේ අනුව ඉදිරි මාසයක පමණ කාලය ඇතුළත දරුණු ආර්ථික පීඩනයකට මෙරට ජනතාව ගොදුරු වීමට නියමිත අතර, එමඟින් දේශපාලන අස්ථාවර භාවය ද තීර්ව හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

