June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ පළමු ෂොට් එක පුනරුදේට පෙරමුණ ගත් ගුරුවරුන්ටයි…! – ගුරු සංගම්…

1 min read

තංගල්ලේ පැවති ගුරු හමුවකට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සිදුකළ ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් සුරංග චින්තක පැවසුවේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට එලෙස කටයුතු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවය.

පසුගිය 15 වන ඉරිදා දින තංගල්ල ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකට ගුරුභවතුන් සහභාගි නොවීමට හේතුව දන්වන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

අදාළ දැනුම්දීම සම්බන්ධයෙන් ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී හම්බන්තොට ලංකා ගුරු සංගමයේ ලේකම් සුරංග චින්තක මහතා පළ කළේ, මෙවන් අදහසකි.

“ඉරිදා දිනයේ දී ගුරුවරු කැඳවීම කෙසේවත් සිදුකළ නොහැකි දෙයක්. ඒ නිසා අපි මේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිනවා. අපි තවදුරටත් මේ ගැන ගුරුවරු දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙනවා. මේ ආණ්ඩුව පත්වෙන්නේ ගුරුවරු පාරේ ඉඳලා, කෑ ගහලා කළු කොඩි අරන් ඇවිත් පැවති පාලනය බිඳ දමලා නව යුගයක් කරා ගෙනයාමට ගුරුවරු තමා පෙරටුගාමීන් වුණේ. හැබැයි අද වෙද්දි පළමු පොටෑ එක ගුරුවරුන්ට වැදෙමින් පවතිනවා.”

ජනප්‍රිය පුවත්  රජයේ රෝහල් ඇතුළට පුද්ගලික අංශය

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x